රාජ්‍ය අංශයේ දූෂණ වැළැක්වුවොත් අයවැයෙන් සියයට 25ක් ඉතිරි කරගත හැකියි
රාජ්‍ය අංශයේ දූෂණය නාස්තිය, අවභාවිතාව වැළැක්වුවහොත් ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනයෙන් 25%ක් ඉතිරි කරගතහැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවැති ජාතික විගණන පනත පිළිබඳ මුදල් හා ජනමාධ්යඅමාත්යාංශයේ නිලධාරීන් දැනුවත්කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ මුල්‍ය විනය යහපත්ව පවත්වාගෙන යෑමට නම්, ලංකාවේ ප්‍රධාන ආයතන 03ක් යහපත් විය යුතු බවත්, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව එම ආයතන වන බවද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විගණකාධිපති විජේසිංහ මහතා,
"ලංකාවේ රාජ්‍ය අංශයේ තිබෙන දූෂණය නාස්තිය, අවභාවිතාව නතරකරගන්න පුළුවන්නම්,රාජ්‍ය අයවැය ලේඛනයෙන් 25%ක් විතර ඉතුරු කරගන්න පුළුවන්කියලා විගණකාධිපතිවරයා හැටියට මට කියන්න පුළුවන්.
යම් ආකාරයකට මේවාට විසඳුම් හොයාගත්තොත් ලංකාවේ ආර්ථිකය ඉතාමත් ඉක්මනින් හොඳ අතට හරවාගැනීමේ හැකියාව තිබෙනවා.ලංකාවේ මුල්‍ය විනය හරියාකාරව පත්වාගෙන යෑමට නම් මුදල් අමාත්‍යාංශය, ශ්‍රීලංකා මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආයතන තුන නිවැරදිවිය යුතුයි කියන මතයේ විගණකාධිපති විදිහට මම ඉන්නනවා" යැයි පැවසීය.

popular news
-
Sunil Monday, 11 February 2019 10:43 AM
ඇමතිවරුන්ගේ පහසුකම් වැඩිකරන්න ඒ මුදල් යොදවන්න.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

