රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශ වලටත් වැටුප් වැඩි කළ යුතුයි - මහින්ද
රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරිමට සාපෙක්ෂව අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරිමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (01) පැවසීය.
2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවකයින්ට රුපියල් 2,500කින් වැටුප් වැඩිකිරීම සිදු වුවද අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවි නොමැති බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
මීට පෙර පැවති රජයන් වැටුප් වැඩිකිරීම් සිදු කිරිමේදී අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවිම් සිදුවූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,
“2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 2,500ක මාසික දීමනාවක් ලබාදුන්නද අර්ධ රාජ්‍ය ආයතන වන සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල ,අධීකාරි යන ආයතනවල සේවකයින් සඳහා එම මුදල ලබා නොදීමෙන් බරපතළ අසාධාරණයක් සිදුව තිබෙනවා. මෙම අසාධාරණය නිවැරැදි කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිනවා.
අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මෙම රුපියල් 2,500 මාසික දීමනාව ලබානොදෙන්නේ මන්දැයි ආණ්ඩුව කරුණු පැහැදිලි කළ යුතුයි. 2019 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය අංශයේ සේවක පිරිස්වලට රුපියල් 2,500ක මාසික දීමනාවක් 2019 ජුලි මස සිට ලබාදීමට අනුමැතිය ලැබී තිබෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 9/2019 අනුව ඔවුන්ට ගෙවීම් කටයුතු සිදුකර තිබෙනවා.මෙම දීමනාව රජයේ සේවකයින්ට පමණක් ලබාදීමට මෙවර ක්‍රියාත්මක කළත් රාජ්‍ය සංස්ථා ඇතුළු අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට එකී වැඩිවීම් ලබාදීමට මීට පෙර සිටි සෑම රජයක්ම කටයුතු කර තිබෙනවා. මීට අමතරව අයවැය යෝජනාවක් අනුව රජයේ සේවකයින්ගේ වැටුප වැඩිකිරීමකදී එම ප්‍රමාණයම නැතත් යම් ප්‍රමාණයකින් හෝ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමටද මීට පෙර අප නියෝජනය කළ ආණ්ඩු කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මුදල ඇමතිවරයා හා කම්කරු ඇමතිවරයා වශයෙන් පෞද්ගලික අංශය සමග සාකච්ඡා කර එම අංශවල වැටුප් වැඩිකිරීමට අපට හැකිවුණා. නමුත් අවාසනාවකට වත්මන් ආණ්ඩුව යටතේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට කිසිදු සාකච්ඡාවක් තබා ඒ ගැන සිතා නොමැතිවීම කනගාටුවට කරුණක්. ඒ නිසා පෞද්ගලික අංශයට සාධාරණ වැටුප් වැඩිකිරීමක් ලබාදීමට හැකි ආකාරයට ආණ්ඩුව තම උපරිම ආකාරයෙන් කටයුතු කළ යුතුයි. මේ ආණ්ඩුව බලයට පැමිණිමට වතුකරයේ ජනතාවගේ ඡන්ද බලයද උපයෝගි කරගත් බව රහසක් නොවෙයි. ආණ්ඩුව වසර 4 ½ක් තිස්සේ වතුකරයේ ජනතාව ප්‍රකාශ කරන්නේ මෙම ආණ්ඩුව නියෝජනය කරන වතුකරයේ නායකයින් වීම අභාග්‍යයකට කරුණක්. දෛනික දීමනාව රුපියල් 1000ක් කරන බව පවසමින් දිගින් දිගටම වතුකරයේ ජනතාව තවදුරටත් රැවටීමට ක්‍රියා නොකරන ලෙස අපි ආණ්ඩුවට කියනවා” යැයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
lion Thursday, 01 August 2019 03:31 PM
පරදුනිඑන් පස්සේ නත්තල් පප්පා වෙලා
Reply : 0 51
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

