රාජපක්ෂලා තවම මේ රටේ ජනතාවගේ හැඟීම් හඳුනා ගෙන නැහැ - රනිල් වික්‍රමසිංහ
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් පසුගිය 05 වැනිදා වත්මන් ආණ්ඩුව පෙරළා දමා, පසුදා අලුත් ආණ්ඩුවක් පත්කර ගෙන අමාත්‍ය ධුර ලබා ගැනීමට කොළඹ පිහිටි තරුපහේ හෝටල්වල ලැගුම්ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ හලාවත ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවැති පාක්ෂික හමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදා ඒකාබද්ධයේ අය කොළඹදී විරෝධතාවක් පැවැත්වුවා. මේ ආණ්ඩුව පෙරළා දාන්න. සමහරු ආවේ රැය පහන් වනතුරු ඉඳලා හරි ආණ්ඩුව පෙරළන්නයි. ඒ අතර ඇමතිකම් බලාගෙන හිටි අය කොළඹ තරුපහේ හෝටල්වල නතර වුණා. ඇමතිකම් ගන්න හිටිය 25 දෙනත් හිටියේ ඒ හෝටල් කාමරවල. මහින්ද රාජපක්ෂලා තවම මේ රටේ ජනතාවගේ හැඟීම් හඳුනා ගෙන නැහැ. අපි නම් එය හඳුනා ගත්තේ 2015 දී.
අපි වැටුප් වැඩි කළා. රෝගීන්ට සහන රැසක් දුන්නා. අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කළා. ඉන්දිය රියදුරන් ගෙන්වා ගෙන අපි 1990 ආරම්භ කළා. එයින් තමයි අපි අර විරෝධතාවට ආපු පිරිස් රෝහලට යැව්වේ. ඒවා ඒ.සී. වාහන. ඒකට අපට ස්තුතිය පළකළේත් නැහැ. ළඟම පාසල හොඳම පාසල, පෝෂණ ආහාරයක් දරුවන්ට දීම, විධිමත් පදනමකින් විදුහල්පතිවරුන් පත්කර ගැනීම සිදු කළා. මහපොළ ඉහළ දැම්මා. උදාගම් මෙන්ම වතු නිවාස හැදුවා. අපි මේවා කරන්නේ ඉතා අමාරු කාලයේ. ඒක අමතක කරන්න එපා. මෙවන් වැඩ ගොඩක් කර තිබෙනවා. අලුතින් කියන්න ඕනෑ නැහැ යැයි පවසා සිටියේය.
හලාවත - සුපුන් හංසන


popular news
-
Champa Sunday, 09 September 2018 08:55 PM
"රාජපක්ෂලා ජනතාවගේ හැඟීම් හඳුනන්නේ නැහැයි" කියන්නේ, ඔබ ඒවා හඳුනනවා කියන එක වෙන්න ඇති නේද? එතකොට මෙහෙමද ඔබ ජනතා හැඟීම් හඳුනා ගත්තේ? ---- 1. "ඉන්දිය රියදුරන් ගෙන්වා ගෙන අපි 1990 ආරම්භ කළා" කියලා ඔබ කියනවා. මේකෙන් පේන්නෙ ඔබ ඉන්දියන් ජනතාවගේ හැඟීම් හොඳටම හඳුනනවා කියන එක. ලංකාවේ මිනිස්සු ඉන්දත්දී ඔබ ඉන්දියන් කාරයන්ට රස්සාවල් දුන්නේ ඒ නිසානේ. ඔබ කන්තලේ සීනි කර්මාන්තශාලාව ඉන්දියන්කාරයෙක්ට දුන්නෙත් ඉන්දියන් ජනතාවෙ හැඟීම් හොඳට දන්නා හින්ද. ඊළඟට ඔබ ETCA එක අත්සන් කරන්න යනව. ඒකත් ඔබ ඉන්දියන්කාරයන්ට මෙහෙ තියෙන ව්‍යාපාර සහ රැකියා අරන් දෙන්න. ඒ කියන්නේ ඔබ ඉන්දියන් ජනතාවගේ හැඟීම් හොඳට හඳුනනවා. ඊළඟට ඔබ මත්තල, පලාලි, KKS සහ තව සම්පත් ඉන්දියන්කරයන්ට දෙන්න යනව. තව මොනව දෙන්න ඉන්නවද කියලා තිරුපති දෙයියෝ තමයි දන්නේ. ඇත්තමයි සම්පූර්නයෙන්ම එකඟයි ඔබ ඉන්දියන් ජනතාවගේ හැඟීම් හොඳට හඳුනනවා කියලා. ---- හැබැයි මීට පස්සේ කියන කොට රාජපක්ෂලා ගැන කියන කතාව මේ විදිහට හරි ගස්සල කියන්න හොඳද. "රාජපක්ෂලා ඉන්දියන් ජනතාවගේ හැඟීම් හඳුනා ගෙන නැහැ, මම තරමට. ඉන්දියාව වෙනුවෙන් අපි කරපු තරම් වැඩ රාජපක්ෂලා කරලා නැහැ" කියලා, හොඳද.
Reply : 159 217
liyange Monday, 10 September 2018 08:52 AM
ඔව් අපි මහ බැංකුව කොල්ල කාව.චීනෙට රට වික්ක.මත කුඩු වලින් රට පෝෂණය කල.
Reply : 36 78
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

