කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාව විසින් නිෂ්පාදනය කළ එන්නත එරට අධි අවදානම් කණ්ඩායම්වලට විශාල වශයෙන් එන්නත් කිරීම මෙම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් දක්වා කාලයේදී ආරම්භ කරන බව එරට සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පවසයි.
කොවිඩ්-19 එන්නතක් සඳහා නියාමන අනුමැතිය ලබා දුන් පළමු රට බවට රුසියාව පත්ව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයකින් ඒ පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවය.
කෙසේ වෙතත් මෙවැනි වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියක් අදාළ එන්නතේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව මෙන්ම, ඉන් ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.