රුසියාව විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ 'ස්පුට්නික් වී' එන්නත දේශීය වශයෙන් බෙදාහැරීමේ අනුමැතිය ලබාගැනීම සඳහා විශාල වශයෙන් සායනික පරීක්ෂාවකට ලක්කිරීම වෙනුවෙන් 40,000කට අධික පිරිසක් සහභාගී වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සෝවියට් සංගමය විසින් දියත් කරන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාවට උපහාර දැක්වීම සඳහා 'ස්පුට්නික් වී' නමින් හැඳින්වෙන මෙම එන්නත, මාස දෙකක කාලයක් තුළ කුඩා පරිමාණයෙන් මිනිස් අත්හදා බැලීම් සිදුකිරීමෙන් පසුව, ආරක්ෂිත හා ඵලදායී එන්නතක් බව රුසියානු බලධාරීන් සහ විද්‍යාඥයන් විසින් ප්‍රශංසා කරමින් ප්‍රසිද්ධ කරනු ලැබීය.
නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලොව පුරා සිටින සෞඛ්‍ය විශේෂඥයන් කියා සිටියේ එය විශාල වශයෙන් අත්හදා බැලීමක් සිදු නොකර, එහි ඵලදායී බව හෝ ආරක්ෂිත බව සම්බන්ධනේ ක්ෂණිකව තක්සේරුවක් ලබාදීම කිස්සේත්ම කළ නොහැකි බවය.
මේ අතර, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ කොවිඩ්-19 වෛරසයට එරෙහි පර්යේෂණාත්මක එන්නතෙහි සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතව ඇති අවසාන අදියරේදී, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන් 60,000ක් යොදා ගනිමින් සායනික අත්හදා බැලීම් සිදුකරීමට සූදානම් වන බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
මෙම සායනික පරීක්ෂාව එක්සත් ජනපදය සහ බ්‍රසීලය, මෙක්සිකෝව ඇතුළු වෙනත් රටවල් පුරා ස්ථාන 180කට ආසන්න සංඛ්‍යාවක පැවැත්වෙන බවද කියයි.