කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රුසියානුවන් 200,000 සීමාවට පැමිණ ඇති අතර, අද (10දා) උදෑසන එම අගය වාර්තා වූයේ 198,676ක් ලෙසිනි.
කොරෝනා වෛරසය ආශ්රිත මරණ 1,827ක් මේ වනවිට රුසියාවෙන් වාර්තා වන අතර, සුවය ලැබූවන් සංඛ්‍යාව 31,916කි.
මේ අතර, දකුණු ආසියානු කලාපයේ ප්රබලතම රාජ්‍ය වන ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 62,808ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා වෛරසය ආශ්රිත මරණ 2,101ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, සුවය ලැබූවන් සංඛ්‍යාව 19,301කි.