රුසියාවේ කොවිඩ්-19 ආසාදිත අගය යළිත් 10,000 පසුකිරීමත් සමග අඛණ්ඩව සති දෙකකට ආසන්න කාලයක් (දින 13ක්) රෝගීන් 10,000ක් හෝ ඊට ආසන්නතම අගයක් රුසියාවෙන් වාර්තා වී තිබේ.
ඒ අනුව ගෙවීගිය පැය 24ක කාලය තුළ (සිකුරාදා) රුසියාවේ නව කොරෝනා ආසාදිතයන් 10,598ක් වාර්තා විය.
මෙම කාලය තුළ බ්‍රහස්පතින්දා (14දා) පමණක් එරටින් ආසාදිතයන් 9,974ක් වාර්තා වූ අතර, එයද 10,000ක අගයට ඉතා ආසන්න සංඛ්‍යාවකි.
රුසියානු බලධාරීන්ට සහ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට රුසියාවෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 262,843ක් වාර්තා වී තිබුණි.
එරටින් වාර්තා වූ සමස්ත නව කොරෝනා මරණ සංඛ්‍යාව 2,418කි. සුවය ලැබූවන් 58,226කි.
ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන රට බවට රුසියාව මේ වනවිට පත්ව තිබේ. කෙසේ වෙතත් ආසාදිත මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වා ගැනීමට රුසියාව සමත්ව ඇත.