හදිසියේ රෝගාතුරව ජර්මනිය වෙත ගුවනින් රැගෙන ආ රුසියානු විපක්ෂ නායකයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් ඔහුට විෂ ශරීරගත වීමක් ඇති බවට සාක්ෂි ඇති නමුත් ඔහුගේ ජීවිතය අනතුරේ නැතැයි බර්ලින් රෝහල පවසයි.
44 හැවිරිදි වියේ පසුවූ ඔහු සෙනසුරාදා ජර්මානු රෝහලට ඇතුළත් කළ දින සිට පරීක්ෂා කරමින් සිටින වෛද්‍යවරුන්ගේ කණ්ඩායම ඔහුගේ ශරීරයේ යම් පිටස්තර විෂ ද්‍රව්‍යයක් ඇති බව සොයාගෙන ඇතැයි බර්ලිනයේ චරයිට් රෝහල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඔවුන් කියා සිටියේ මේ වනවිට එම නිශ්චිත ද්‍රව්‍යය තවමත් අනාවරණය වී නොමැති බවයි. රෝහල පැවසුවේ රෝගියා දැඩි සත්කාර ඒකකයක සිටින අතර ඔහු තවමත් කෝමා තත්වයේ පසුවන බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්වය බරපතල නමුත්, දැනට ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බවද රෝහල පැවසීය.