රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ ප්රකාශක දිමිත්රි පෙස්කොව් අඟහරුවාදා කියා සිටියේ තමා කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂණයකින් පසුව රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින බවයි.
කෙසේ වෙතත්, තමා අවසන් වරට ජනපති පූටින් මුණගැසී ඇත්තේ මීට මාසයකට පමණ පෙර බවද ඔහු කියා තිබේ. ක්රෙම්ලින් පවසන්නේ පුටින්ගේ සෞඛ්යය දැඩි ලෙස ආරක්ෂා කර ඇති බවත් රුසියාව විසින් ලබාදිය හැකි හොඳම සෞඛ්යාරක්ෂිත පියවරයන් අනුගමනය කරන බවත්ය.
රුසියානු ජනාධිපතිවරයා මොස්කව් නගරයෙන් පිටත සිය නිවසේ සිට දුරස්ථව වැඩ කරමින් වීඩියෝ සම්මන්ත්රණ හරහා බොහෝ රැස්වීම් පවත්වයි.
මේ අතර, මෙක්සිකොවේ විදේශ ලේකම් මාර්සෙලෝ එබ්රාඩ්ගේ ප්රකාශකයාත් අඟහරුවාදා සවස කොවිඩ් -19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් සිදුකර තිබේ.
ප්රකාශක රොබර්ටෝ වේලාස්කෝ ඇල්වාරෙස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ, තමන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවත්, නිවසේ රැඳී සිටිමින් දුරස්ථව සම්බන්ධීකරණයන් සිදුකරන බවත්ය.