රවීට සිතාසි
සුදු කැකුළු සහල් විකිණිමේ ක්‍රියාවලියේදී රුපියල් මිලියන 4 ක් රජයට පාඩු කළැයි චෝදනා ලැබ සිටින සතොස වැඩබැලූ සාමාන්යාධිකාරීවරයකුට එරෙහි අල්ලස් නඩුවක සාක්කි දීම සඳහා ලබන නොවැම්බර් මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු වෙළෙඳ ඇමැති රවී කරුණානායක මහතාට නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06දා) සිතාසි නිකුත් කළේය.
අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්යක්ෂ අසිත ඇන්තනි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
2001 වසරේදී සතොස වැඩබැලූ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස කටයුතු කරමින් ආනයනික සුදු කැකුළු සහල් විකිණිමේ ක්රිරයාවලියේදී මිල දර්ශනයට පටහැනිව සුදු කැකුළු සහල් මෙට්‍රික් ටොන් දාහක් විකිණිමට නියම කර රුපියල් මිලියන 4 ක් රජයට පාඩු කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
