රවිට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 16දා සිට
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ සමූහ අධ්යක්ෂ අර්ජුන් ජෝෂප් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන මාර්තු 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.
රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පර්පෙචුවල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා ලබාදුන් එකී සමාගම්වල මුදලින් රුපියල් මිලියන 11.68 ක් යොදවා කුලී පදනම මත ලබාගත් කොල්ලූපිටිය මොනෑක් සංකීර්ණයේ පිහිටි සුපිරි නිවසක පදිංචියට පැමිණීම හා ඒ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අධිචෝදනා හයක් යටතේ එම නඩුව පවරා තිබිණි.
2016.02.12 හා 2016.09.30 කාලය අතරතුරදී වෝල්ට් ඇන්ඞ් රෝ ඇසෝසියේටඞ් සමාගමේ හා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ චෙක්පත් යොදවා ලබාගන්නා ලද නිවසේ පදිංචිව සිටීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි ද චෝදනා කරමින් ගොනුකර තිබූ එම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 58 දෙනකු හා ලේඛන 32 ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අල්ලස් කොමිෂන් සභාව අධිකරණයට දන්වා තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

