පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමට රහස් පොලිසිය ගත් තීරණය යුක්ති සහගත නොවන බව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කොට ඇත.
සැකපිට අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීම සම්බන්ධයෙන් රහස් පොලීසිය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, රහස් පොලිසියේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්, සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් කුමාර යන මහත්වරුන්, අද (12) නීතිපතිවරයා හමුවී කළ සාකච්ජාවකදි මේ බව අනාවරණය වු බවද නීතිපතිවරයා අවධාරණය කළ බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
පාස්කු ප්‍රහාර මාලාවේදී සිනමන් ග්රෑන්ඞ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්සාෂ් අහමඞ් නමැත්තා රියාජ් බදියුදීන් නමැත්තාට දුරකථන ඇමතුම් 07 ක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබු බව එම සාකච්ජාවේදි හෙළි වී ඇති අතර රියාජ් බදියුදීන් නමැත්තා විසින් ජංගම දුරකථන 16ක් භාවිතා කළ බව හෙළි වී ඇතත් ඉන් ජංගම දුරකථන 12ක්ම රහස් පොලිසිය විසින් සොයා ගෙන නොමැති බවද අනාවරණය වී ඇත.
පාර්ලිමෙන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් නමැත්තාට සිනමන් ග්රෑන්ඞ් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්සාෂ් අහමඞ් නමැත්තා විසින් දුරකථන ඇමතුම් 07 ක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා රියාජ් බදියුදීන් නමැත්තා පසුගිය අපේ‍්‍රල් 14 වැනිදා රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රහස් පොලීසිය බාරයේ රදවාගෙ ප්‍රශ්න කිරීම සදහා අපේ‍්‍රල් 17 වැනිදා සහ ජුලි 13 වැනිදා රහස් පොලීසිය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අවස්ථා දෙකකදී රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
එලෙස ලබාගත් රැඳවුම් නියෝග ඔක්තෝම්බර් 13 වැනිදා අවසන් වීමට නියමිතව තිබියදී රියාජ් බදියුදීන් නමැත්තා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු රහස් පොලීසිය විසින් සැප්තැම්බර් මස 06 වැනිදා අවසන් කර රියාජ් බදියුදීන් නමැත්තාට අදාළව ලබාගත් රැඳවුම් නියෝග අවලංගු කිරීම සදහා සැප්තැම්බර් මස 28 වැනිදා රහස් පොලීසිය බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා වෙත ඉදිරිපත් කොට ඇති බවත් නුවන් වෙදසිංහ මහතාගේ නිර්දේශය අනුව සැප්තැම්බර් මස 30 වැනිදා ඔහු මුදාහැර ඇති බවත් සාකච්ජාවේදි අනාවරණය වී ඇත.
රහස් පොලීසිය බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහ රහස් පොලීසියේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් යන මහත්වරුන් විසින් රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීම සදහා විමර්ශන නැවැත්වීමට කටයුතු කොට ඇති බවත් එලෙස විමර්ශන නැවැත්වීම හේතූවෙන් මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය මෙන්ම විමර්ශන වල සාර්ථක ප්‍රථිපල අත්කර ගැනීමට තිබු හැකියාවද අඩපණ වී ඇති ආකාරයද අනාවරණය වී ඇත.
මේ අනුව විමර්ශන නතර කර රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමට රහස් පොලිසිය ගත් තීරණය සාධාරණීයකරණය කිරීමට නොහැකි බව නීතිපතිවරයා විසින් අවධාරණය කොට ඇත.