බ්‍රසීලය ලෝකයේ දෙවැනි වැඩිම කොවිඩ්-19 මරණවලට මුහුණදී සිටින රාජ්‍ය ලෙස එරට සම්බා පාසල් විසින් පවත්වන ලෝක ප්‍රකට රියෝ සැණකෙළිය කල් දැමීමට සිදුව ඇති බව නිවේදනය කරයි.
කොවිඩ්-19 නිසා 2021 පෙබරවාරි සැණකෙළිය ප්‍රමාද කරන අතර, එන්නතක් සොයාගන්නා තෙක් එය සිදු නොවන බවද රියෝ ද ජැනෙයිරෝ හි සම්බා පාසල් ප්‍රකාශ කළ ප්‍රකාශ කළේය.
රියෝ ද ජැනීරෝ සම්බා පාසල්වල ස්වාධීන ලීගය (LIESA) වාර්ෂික පෙළපාළි සංවිධානය කරන කණ්ඩායමේ සභාපති ජෝර්ජ් කැස්ටන්හයිරා මෙම නිවේදනය සිදුකළේය.
"එන්නතක් නොමැතිව කානිවල් තිබීම වඩ වඩාත් දුෂ්කරයි. ආරක්ෂාව නොමැතිව සැණකෙළියක් පැවැත්වීමට හැකියාවක් නැහැ." ඔහු කියා සිටියේය.
මෙම උළෙල මගින් සෑම වසරකම මිලියන ගණනක් දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින් වෙරළබඩ නගරයට පැමිණීම සිදුවිය.