
රඹුටං අලෙවි කරන මුවාවෙන් හෙරෝයින් මත්කුඩු අලෙවිකල පුද්ගලයෙක් හෙරෝයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 25 ක් සමග ඊයේ 21 සවස ගිරිඋල්ල නගර මධ්යයෙදී අත්අඩංගුවට ගත්බව ගිරිඋල්ල පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේම පදිංචි විවාහක පුද්ගලයෙකු වන අතර ඔහූ කාලයක සිට මත්කුඩූ අලෙවියට සහ පානය කිරීමට පුරුදුවූ අයෙක් බවට කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවර්ණය වූ බවද පොලීසිය පවසයි.
ලැබුණ තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරු සමග සියඵ නඩු භාණ්ඩ අද (22) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගිරිඋල්ල පොලිසස්ස්ථානාධිපති පොලිස් පරීකැෂක ප්රස්නන්න ජයලත් මහතාගේ උපදෙස් මත පොලිස් පරීෂක තෙන්නකෝන්ල පොලිස් සැරයන් (46170) රංජිත් ලපොලිස් කොස්තාපල්වරුන්වන (59552) චන්ද්‍රජෝති (58892) ඉන්දික (49085) බංණ්ඩාර (95297) බංණ්ඩාර යන නිළධාරීහූ කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගිවූහ.
පන්නල - හේමා රාජපක්ෂ