රනිල් බලය රැක ගන්න කෝටි ගණන් ණය වී වාහන දුන්නා - SB
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ පිරිහි යන සිය බලය රැක ගැනිම සඳහා විශාල වශයෙන් ණය වී මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවැසීය.
අමාත්‍යයවරයා මේ බව පැවැසුවේ අද (10දා) දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එම අමාත්‍යංශය මගින් පවත්වන ඉඩම් ජංගම සේවයකට සහභාගි වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ කිසිදු ආර්ථික සැලසුමක් නොමැතිව විශාල වශයෙන් ණය වී අති සුපෝගභෝගි වාහන මෙසේ මැති ඇමතිවරුන්ට ලබා දී ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ පිරිහි යන බලය රැක ගැනිමට වාහන ගෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවදුරටත් පක්ෂය තුළ පිරිහී ඇති බවද ඔහු පැවැසීය.
අමාත්‍යංශ ලේකම්වරුන්ට බලපැම් සිදු කර එම වාහන ගෙන්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Kumar Monday, 10 February 2020 09:07 PM
රනිල්ට විතරක් වරද පටවන්න එපා. ඒ වැරදි කියාවට සහය දුන්න අනෙක් දේශපාලුවන් සියලුදෙනාම අවස්ථාවාදී හොරු. කෝ රනිල් එලෙව්වට යන්නෙ නැහැනෙ. බලතන්හාවෙන් පෙලෙන සජිත්වත් එලවෙලා වෙන කෙනෙක් සොයාගන්න බැරිද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

