රනිල් පාලනයේ දූෂණ සොයන්න ජනපතිගෙන් කොමිසමක්
මහබැංකු මහා මංකොල්ලය සේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටට සහ ජනතාවට අනාවරණය වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ විදෙස් මාධ්‍යවේදින් සමග පැවැති සාකච්ඡාවකදීය.
ඒමෙන්ම දිගින් දිගටම සිදුවූ අක්රමිකතාවයන් මෙන්ම හිටපු අගමැතිවරයාගේ අදුරදර්ශී සහ හිතුවක්කාරී කි‍්‍රයා පිළිවෙත හේතුවෙන් අගමැතිවරයා වෙනස් කර රටත්, ජනතාවත් වෙනුවෙන් සුබවාදී ගමනක් යාමේ නව මාවතක් තෝරා ගැනීමට තමාට සිදුවූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.

popular news
-
raawana Sunday, 25 November 2018 10:34 PM
2015 ට කලින් හිටපු දූෂිතයින්ට දඬුවම් දුන්න වගේ, මේ අයගෙත් දූෂණ හොයන්න.පරණ හොරු නිදැල්ලේ.අලුත් හොරු හොයන්න දඟලනවා.
Reply : 0 0
Champa Sunday, 25 November 2018 10:56 PM
ඒක හොඳයි. එතකොට රනිලුයි මෛත්‍රියි හිටපු Cabinet එකයි ඔක්කොම හිරේ යනවා. ඔන්න ඊට පස්සේ නම් ලංකාවට සැනසුම් සුසුමක් හෙලලා මහින්ද එක්ක සුබ අනාගතයක් ගැන හිතන්න පුළුවන්.
Reply : 0 0
chathuri Monday, 26 November 2018 02:56 AM
මේ හැම දෙයක්. වෙනකම්. ඔබ නිදාගෙන. හිටියද කියල බලන්න දොස්තර. කෙනෙක්. පත්කරන්න. , සේරටම. හොර හොරා කියනවා. නිදාගෙන ඉඳල ඔය තරම් චන්ඩියා එකට වැඩ කරන කොට. කට වහගෙන ඉඳල සේරම. වුනාට පසුව. බෙරිහන්. දෙනවා. වැරැද්ද. දැකල උඩ බලන්. හිටියද . දැන්. ඒවා. හොයන්නත් වියදම්. කරන්න. ඕන නරකද. ගෙදර. ගියානම්. කියන. තැනකට. වදින්නම්
Reply : 0 0
ත්‍රස්තයා Monday, 26 November 2018 05:49 AM
කව්ද දන්නේ නැහැ පරණ ෆයිල් හංගලා . කෝටි ප්‍රකෝටි , ගණන් කරන්න බැරි තරම් රටේ මුදල් කොල්ල කාපුවා කාටවත් පෙනෙන්නේ නැද්දෝ ? අපි දැන් හිගමනට විටිලා තියෙන්නේ ඒ නිසා . 2015 ජනවාරි ප්‍රධාන පාටය වුනේ හොරු ඇල්ලීම .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

