රනිල් දේශපාලනයෙන් සමුගැනීම ගැන අජිත්ගෙන් ඉඟියක්
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීම පිළිබඳව ඉඟියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිවිය.
ඔහු එහිදී ප්‍රකාශ කළේ “රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස” මහතා බවයි.
“විපක්ෂනායක ප්රශ්නය අපිට සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳගන්න ලැබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස.
පක්ෂයේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයත් මේ ආකාරයෙන් විසඳා ගත යුතුව තිබෙනවා. පක්ෂය තුළ සිටින කිසිම ජ්‍යෙෂ්ඨයෙක් එළියට යන්නේ නැති විදිහට සියලු දෙනාම පක්ෂය තුළ සහෝදරත්වයෙන් වැඩ කරන්න පුළුවන් ආකාරයට මුළු පක්ෂයම එක්සත් කරන ආකාරයට වැඩ කළ යුතුයි.
අපි විශ්වාස කරනවා ඊළඟ දින කිහිපය තුළ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායක්තවයට පත්කර ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව අවසන් කර ගත හැකි වෙයි කියලා. වසර 25ට පස්සේ මේ දේවල් සිදුවෙන්නේ. ඒකට කායලයක් දෙන්න.
සඳුදා දිනයේදී මේ ගැන සාකච්ඡාවක් තිබෙනවා. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ. නමුත් ඒ ජයග්‍රහණය ළඟ පේනවා”

popular news
-
susantha Monday, 09 December 2019 10:40 AM
අවුරුදු 25 ක් පක්ෂයත් පාක්ෂිකයනුත් විනාස කරලා නායකත්වයෙන් අයින් වෙන්නේ තවත් පක්ෂය අවුරුදු 5 ක් විපක්ෂයේ තියලා. මේ වගේ එකෙක් කිසිම පක්ෂයකට අනාගතේදී බිහි නොවේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

