රන්ජන්ට විනය ක්‍රියාමාර්ග
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
මෙම විනය පරීක්ෂණය අනුව ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
අධිකරණ පද්ධතියට බලපෑම් කර ඇති බවට හෝ නීතියට පිටින් කටයුතු කර ඇති බවට තහවුරු වන්නේ නම් එම පුද්ගලයන්ට එරෙහිව තරා තිරම නොබලා අවශ්‍ය දඬුවම් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
-
Bandula. Wednesday, 08 January 2020 08:03 PM
ඊ මේ ඔයාල බයවෙලා වගේ, මේක බරදෙමු දැන් ආණ්ඩුවට, ජනපතිට, නැත්නම් ඔයාලට මේ තැටි බාරදුන්නෝත් වකඩේ ලග හකුරු හැංගුව වගේ තමා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

