රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසින් උණ්ඩ බහාලන ඇසුරුම් තුනක් තිබූ බවත් එක් ඇසුරුමක උණ්ඩ 50 බැගින් උණ්ඩ 150ක් තිබිය යුතු වුවත් හමුවූයේ උණ්ඩ 127ක් පමණක් බව පොලීසිය පවසයි.
ඒ අනුව ඉතිරි උණ්ඩ 23 භාවිත කරමින් රන්ජන් රාමනායක මහතා යම්කිසි සහාසික ක්‍රියාවක් සිදුකළේද එසේ නොමැතිනම් මෙම ගිනි අවිය සමග එම උණ්ඩ යම් අපරාධයක් සිදුකිරීම සඳහා වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමට ලබාදී තිබේද යන්න පිළිබඳව පොලිස් නිලධාරීන් තුළ ඇතිවූ බරපතල සැකය හේතුවෙන් රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් භාහිර දෘඩ තැටියක් ත්‍රි රෝද රථ රියදුරෙකු විසින් මිරිහාන පොලීසියට ලබාදුන් බවත් ඒ අනුව සෝදිසි වරෙන්තුවක් මත රන්ජන් රාමනායක මහතාගේ නිවස පරීක්ෂා කළ බවත් පොලීසිය පවසයි.



-
Champa Thursday, 09 January 2020 01:12 AM
ත්‍රිරෝද කතාව හදපු එකක්. පොලිසිය නෙමෙයි වෙන්න පුළුවන්. කේස් ඔච්චර බරපතල නම් හැමෝම නාටක ස්වරූපයෙන් හැසිරුනේ කොහොමද? පැහැදිලිවම රන්ජන් දන්නවා පොලිසිය ගෙදර එනබව අත් අඩංගුවට ගන්න බව සහ ඇප ලැබෙන බව. ඇත්ත කතාවේ භයානක කම වහන්න බොරුවක් ගොතල. ඇත්ත කතාව තමයි මෙතනටම කලින් ලියපු විදිහට ටෙලිෆෝන් ටැප් කරනවා කියන එක. සිරිසේන බිලියන් ගානකට අධිතාක්ෂණික සන්නිවේදන උපකරණ ගේන්න හැදුව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් අල්ලන්න කියල. බැලුබැල්මටම අමුත්තක් තිබුන. ගේන්නේ ඊශ්‍රාලයෙන් කිව්වහම මම කිව්වා එහෙනම් පිටිපස්සේ ඉන්නේ ගෝඨාභය කියල. එදා හෝ පසුව ඒවා හොර රහසේ ගෙනත් තියෙනව. මේවා සමහරවිට ජනාධිපතිවරණ සමයේදීත් ක්‍රියාත්මක වෙන්න ඇති. බරපතලම කාරණය තමයි රන්ජන්ගේ හඬපට වලින් යූඑන්පී මන්ත්‍රීවරු බ්ලැක්මේල් කළහැකි වීම. ඒ වගේම ආණ්ඩුවේ අගමැති ඇමති මන්ත්‍රීවරු හාමුදුරුවරු මාධ්‍ය විනිසුරුවන් සියල්ලන්ටම වගේම සාමාන්‍ය ජනතාවටත් බරපතල විදිහට මේක බලපානවා. මේ හරහා ඉතා භයානක මර්දනයක් දියත් කරන්න පුළුවන්. මේකත් එක්ක අයිඩී රියදුරු බලපත් හෙල්ත් කාඩ් සියල්ල එක තැනකට ගේම හරහා ඕනනම් පුද්ගලයකු ලෙඩ කරන්න, රිය අනතුරු හදන්න හෝ මරන්න වුනත් පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

