රන්ජන්ගේ ගැටලුව බැඳුම්කරයටත් වැඩි දෙයක්ලු
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
අද පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්චාවකදී ඔහු සඳහන් කළේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන ගැටලුව බැඳුම්කර වංචාවටත් වඩා ඉහළ දෙයක් බවද ඔහු පැවැසීය.
“විදේශ අමාත්‍යාංශය හරහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. නීතියේ රාමුව තුළ ගතයුතු ක්‍රියාමර්ග ගනිමින් තිබෙනවා. රන්ජන්ගේ ක්‍රියාමාර්ය ඊටත් (බැඳුම්කර වංචාව) එහා ගිය දෙයක්.”
එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණ්ය කළ නිර්මාතෘන්ම එය පැහැදිලි ලෙස දූෂණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

-
samson de silva Thursday, 09 January 2020 01:04 PM
එහෙම තමයි අපි හැමෝම හිතන්නේ. බැඳුම්කර කතාව පතුරු ගැහුවා ඇතිවෙන්ට ජනාදිපති චන්දයේදී. ඔය හැටනම ලක්ෂය නැවතත් අන්දන්ට බැහැ බැඳුම්කර බොරුවෙන්. දැන් අලුත් ලනුවක් අවශ්‍යයි. එක නිසා පාර්ලිමේන්තු මැතිවරණයට එන අලුත් නාට්‍යය තමයි රන්ජන්ගේ "ෆෝන් කතා." අප්පෝ, බැඳුම්කර හොරකම මොකක්ද? මේකනේ නියම වැඩේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

