රන්ජන්ගේ කතාව අහලා හිත උණු වුණා
රන්ජන්ට කන්න නෑ, අදින්න නෑ අසරණ වෙලා ඉන්නේ
දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා අසරණව සිටින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“රන්ජන් රාමනායක ගැන විපක්ෂ නායක කථා කරනව. මම රන්ජන් රාමානයක මහතාට විරුද්ධව නඩුවක් දාලා එතුමා මගෙන් සමාව ඉල්ලපු නිසා මම නඩුව ඉවත් කර ගත්තා.
රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා මට උසාවියේදී හම්බවුණා. එතුමාගේ කථාව අහලා මගේ හිත උණු වුණා.
එතුමා කිව්වා එතුමා ඇතුලේ ඉන්නේ විපක්ෂනායකවරයා සම්බන්ධ වුණ නිසා කියලා. නඩුවට සාක්ෂි කාරයෝ 103ක් හිටියා කියලා එතුමා කිව්වේ. ඒහෙම ඉන්න කොට තුන්දෙනකුගෙන් නඩුව ඉවර කරන්න කියලා විපක්ෂනායක කිව්වලු. තුන්දෙනෙකුගෙන් අවසන් කරන්න නඩුව අපි බලාගනන්නම් කිව්වලු.
මම වගකීමෙන් කියන්නේ. ඕනනම් දිවුරුම් ප්‍රකාශයකින් ගෙනත් දෙන්නම්. දැන් මේ අය රන්ජන් රාමනායකට කියනවලු තමුන්නාන්සේගේ නඩුව ජීනීවා ගෙනියන්නම් කියලා. රන්ජන් කිව්වා මම කඩේ යන්නේ නෑ. මම ජිනීවා නුවරට අත්සන් කරන්නේ නෑ කියලා.
රන්ජන්ව ජිනීවා ගෙනියන්න සැලසුම් හදලා දැන් රන්ජන්ව බේර ගන්න කටයුතු කරනවා. රන්ජන්ට කන්න ටික නෑ. රන්ජන්ව බලන්න යන මිනිහෙක් නෑ. රන්ජන්ගේ නඩුව ගේන කොට බලන්න යන මන්ත්‍රී කෙනෙක් නෑ.
රන්ජන්ට කන්න නෑ. ඇඳුමක් නෑ රන්ජන් වෙනුවෙන් බොරවට කථා කරනවා. රන්ජන් අසරණ වෙලා. රන්ජන් වෙනුවෙන් කථා කරන්න මිනිහෙක් නෑ. “
මින් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂනායකවරයා සඳහන් කළේ මෙම ප්‍රකාශය අසත්‍ය බවත් එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව මහින්දානන්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ එම ප්‍රකාශය පිළිබඳව වගකීම තමන් භාර ගන්නා බවයි.
popular news
-
Deepal Nirosh Wednesday, 07 April 2021 08:43 AM
දේශපාලනයේ සදාකාලික හතුරන් හෝ සදාකාලික මිතුරන් හෝ නැත. කාගෙ කාගෙත් කිල්ලෝටයේ තියෙන හුණු ටික දියවෙල පෙනෙයි කියලනෙ මේ හැමෝම බය. බල්ලෝ බලු මස් නොකති. වෙන මොනව ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

