රන්ජන් නම් කිහිපයක් කියයි
කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසා බැලිමට පත්කළ එක්සත් ජාතික පක්ෂ කමිටුව අද රැස්විය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කමිටු රැස්වීමට රාජ්‍ය අමාංත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ප්‍රකාශය ලබාදුන්නේය. මෙහිදි තමන් නම් කිහිපයක් සඳහන් කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත මෙම කමිටුවේ සභාපතිත්වය දරයි.
“මම වාචිකව නම් කිහිපයක් කිව්වා මගේ නිවැරදිභාවය ඔප්පු කරන්න. ලියාපදිංචි තැපෑලෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු යැව්වා. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා වාචික කටඋත්තරයකට. මම සැදී පැහැදි ඉන්නවා කටඋත්තරයක් දෙන්න.
අත්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සභාපති නිලංග මහතා මේ පිළිබඳව වාර්තාවක් සකස් කර තිබුණා. ඔහුට ජිවිත තර්ජන ඇවිත් මේ ලිස්ට් එක දාන්න ගිහිල්ලා නොවේ වලට ගිහිල්ලා තිබෙනවා. අද ඔහුට දුරකතනයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔහුගේ ලිස්ට් එක හා මගේ ලිස්ට් එක සන්සන්දනය කරනවා. රටේ ජනතාවගේ අනාගතය ගැන හිතලා මේ ලිස්ට් එක ඉදිරියේදි ලබාදෙන්නම් පරීක්ෂණවලට හානියක් නොවන්න.”

popular news
-
Champa Friday, 22 February 2019 04:36 PM
එහෙම කොහොමද මිනිහෝ වාචිකව ඔප්පු කරන්නේ කොකේන් ගන්නවා කියල? කට උත්තරෙකින් පුළුවන්ද තව කවුරු හරි කොකේන් පාව්විච්චි කරනවා කියලා ඔප්පු කරන්න? ඒක කරන්න එක්කෝ රුධිර පරීක්ෂණයක් කරන්න ඕනේ. නැත්නම් urine පරීක්ෂණයක් කරන්න ඕනේ. නැත්නම් කෙල පරීක්ෂා කරන්න ඕනේ. කෙස් සහ දාඩිය පරීක්ෂා වලිනුත් කරන්න පුළුවන්ලු. දැන් එහෙම කරාද ඔප්පු කරන්න සහ එහෙම කරන්න තමන්ට තියෙන බලය මොකක්ද? මින් පස්සේ පාර්ලිමේන්තු චන්ද අපේක්ෂකයන්ට නාම යෝජනා දෙනකොට හැම පක්ෂයක්ම කලින් IQ Test එකක් තියල බලන්න ඕනේ අපේක්ෂකයන්ට මන්ත්‍රීවරයෙක් වෙන්න අඩු ගානේ අවම බුද්ධියක් වත් තියෙනවද කියලා. මෙයාගේ කතා හින්ද මුළු රටම ලෝකය ඉදිරියේ සමච්චලයට අපකීර්තියට පත් වෙනවා. හැසිරීමෙන් පේන්නේ Histrionic Personality Disorder කියන මානසික රෝගයෙන් පෙළෙනව කියලා.
Reply : 308 242
ranjith Sunday, 24 February 2019 03:23 AM
අපිට කරන්න පුළුවන් එකම දේ එලාග චන්ද වලදී හොද මිනිහෙක් අවොත් විතරක් චන්දෙ දෙන එක
Reply : 0 0
tilak Tuesday, 26 February 2019 09:35 PM
මුට දෙකක් නෙලුවනම් නම් ටිඉක කියයි දෙකක් අනින්න කෙනෙක් nadda
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

