රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන විමසීමක් කළ යුතුයි - ෂෙහාන්
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම පිටුපස ජනාධිපතිවරයා ප්‍රධාන රජය අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය හැකි බවත් මෙම ක්‍රියාදාමයට අත දී ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳව විමසීමක් කිරීමට සිදුව ඇති බවත් සංවර්ධන බැංකු හා ණය යෝජනාක්‍රම පිළිබද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05දා) අනුරාධපුරයේ දී පැවති ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.
“පොලීසිය හා අධිකරණය ගන්නා වු ක්‍රියාමාර්ගයන්ට අපේ ආණ්ඩුවේ කිසිදු අයෙකු සම්බන්ධ නෑ. මේ කටයුතු දේශපාලන පළිගැනීම් බවට අර්තකතනය කරන්නට එපා.
අපටත් විමසීමක් කරන්නට වෙනවා කවුද මෙවැනි කටයුතු වලට අත දීල තිබෙන්නේ කියා. පසුගිය පාලන කාලය තුළ අපේ රටේ පොලීසිය එක්සත් ජාතික පක්ෂය විසින් දැඩි දේශපාලන කරනයට ලක් කලා.
නව රජයක් ලෙස නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ස්වාධීනව කටයුතු කිරීමට අපි අවස්ථාව ලබා දී තිබෙනවා. මම වගකීමෙන් කියනවා මේ ක්‍රියාත්මක වන්නේ රජයේ ප්‍රතිපත්ති හා ක්‍රියාදාමයන් නොවෙයි.
නමුත් යම් කටයුත්තක් අක්‍රමිකතාවක් වෙලා තිබෙනවා නම් දූෂණයක් හෝ රහසිගත තොරතුරු තව කෙනෙකු සඟවාගෙන සිටිනවා නම් ඒ පිළිබඳව ස්වාධීනව සොයා බැලීම වඩා වැදගත් වෙනවා.
අපි පොලීසියට ස්වාධීනව කටයුතු කරන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. රජය අපකීර්තියට පත් නොකර පොලිස් දෙපාර්තමේන්තුවද සිය වගකීම අපක්ෂපාතීව ඉටුකරන්නේ ද යන්න පිළිබදව අපි විමසිල්ලෙන් බලා සිටිනවා”
-
Gamini Monday, 06 January 2020 02:31 AM
Who is responsible Minister for police actions? When policemen do good actions the govt. takes the credit but when they carryout bad actions it is the fault of the police. What a joke!
Reply : 0 1
Kumar Monday, 06 January 2020 07:42 AM
ඔයගොල්ලන්ම වැඩේ කරලා වෙන අය මත පටවන්න යනවද? නිවට නොවී වගකීම බාරගන්න.
Reply : 0 1
Don Monday, 06 January 2020 09:01 AM
අහිංසක මිනිස්සු පොලිසියෙන් අත්අඩංගුවට ගන්න. ලංකාවට ආයෝජකයෝනම් දුව දුව ඒවි. නැවත මහින්ද යුගයට ඇවිල්ල.විවේචනාත්මකව කතාකරන අයව රුස්සන්නේ නැතිනම් දේශපාලනයක් කොහෙද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

