හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යවරයා ලෙස පත්කළ යුතුය යන එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණයෙ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අද පස්වරුවේ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී නැවතවරක් මේ බව අවධාරණය කරන බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.