කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දින් මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමී බවට පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් කළ පැමිණිල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.
රතනහිමියන් ඊයේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.