රතන හිමියන් එජාපයට ඕන දේ තමයි මේ කරලා තියෙන්නේ
රතන හිමියන් එජාපයට අවශ්‍ය දේ කර තිබෙන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
අද (6) මාතරදි පැවති උත්සවයකදි ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් අදහස් පළකල ඒ මහතා,
“රතන හිමියන් සහ ඥානසාර හිමියන් අපේ රටේ දේශපාලනය කි‍්‍රයාවලිය සම්පූර්ණයෙන් වෙනස් කළා. එය හොඳ අතටද නරක අතටද වෙනස් වුණේ කියලා ජනතාව තිරණය කරාවි. නමුත් අපේ රට පිළිබඳව අවිනිශ්චිතභාවයක් සැකයක් හැමෝම තුළ වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවට ඉතා විශාල වගකිමක් ඇවිත් තියෙනවා රටේ අනාගතය සම්බන්ධව ඉතා ප්‍රවේසමෙන් තිරණයක් ගන්න අනාගතයේ එළැඹෙන්නේ. දැන් අමාත්‍යවරුන්ට පන්සල් වලට එන්න එපා කියලා නියෝග නිකුත් කරලා තියෙනවා. පන්සල් වලට එන්න එපා කියන එක අප කාටවත් උදුරගන්න පුළුවන් අයිතියක් නෙමෙයි . දේශපාලනඥයන් තමන් කරන ප්‍රකාශ සම්බන්ධව වගකිම භාර ගන්න ඕන .
අනිත් එක මුස්ලිම් දේශපාලනඥයන් ඉල්ලා අස්වුන බව පැවසුවත් කවුරුත් අයින් වෙලා නැහැ. මේක දේශපාලන උප්පරවැට්ටියක් විදියට අප දකින්නේ. මෙයට දායකත්වය දැක්වුවා රතන ස්වාමින් වහන්සේ. එජාප නායකත්වයේ දිගින් දිගටම තිබුණ සැලසුමක් තමයි මුස්ලිම් සිංහල ජනතාව වෙන් කරන්න යම් දෙයක් කල යුතුයි කියලා. ඒකට උඩගෙඩි දුන්නා රතන හාමුදුරුවෝ, අපි ඒ ගැන කනගාටු වෙනවා. එතකොට රතන හිමියන් එජාපයට ඕන දේ තමයි මේ කරලා තියෙන්නේ’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.
මාතර - මහේෂ් මලවරආරච්චි

popular news
-
Gamini Thursday, 06 June 2019 06:38 PM
Don't try to be a jester in the Srilankan political arena because there are plenty of jokers in politics.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

