රතන හිමි විපක්ෂයේ සිට විශේෂ ප්‍රකාශයක් කරති
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් විශේෂ ප්‍රකාශයක් පවත්වති.
“ වර්තමාන පාර්ලිමේන්තුව ගොඩනැගීමේදි නව රජයක් පත්කිරීමට මා දරූ ප්‍රයන්තයට ගෞරවයක් අති කිලයා හිතනවා. අපි එක්සත් ජාතික පක්ෂයත් සමග එකතුවෙලා විශාල කැපවීමක් කළා. පහුගිය ආණ්ඩුව කොළඹ නගරය කැසිනෝ නගරයක් කරන්න ගියාම මම විරුද්ධ වුණා. අදත් මම මගේ හෘද සාක්ෂිය රට වෙනුවෙන් කියනවා. මෙය ජනපතිට බැණ වැදීමෙන් විසඳගන්න බෑ. අපේ ව්‍යවස්ථාව ගෙනියන්න ව්‍යවස්ථාදායක සභාව හා විධායකය තුළ එකඟතාවක් ඕන.
දැන් මේ ව්‍යාකූලත්වය නිසා ප්‍රශ්ණ ගණනාවක් තිබෙනවා. සියලු දෙනාම සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ වුණා. මම අගමැතිතුමා හමුවී කිව්වා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදමු කිව්වා. පරිසර නීතිය අලුත් ලෝයකත් සමග සම්මත කළ යුතුව තිබුණා. විධායක ජනපති හැටියට බලය පාවිච්චි කළේ නෑ කියන චෝදනාව මමත් කරනවා. හම්බන්තොට වරාය අපට අහිමිවුණා. මේ තත්ත්වය වහාම අවසන් කළ යුතුව තිබෙනවා." යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
පළමුවෙන්ම කෙටි කාලයකට ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ආණ්ඩු බලය තියාගෙන යනවා වෙනුවනට දෙපාර්ශ්වයට බලය ලැබෙන ලෙස ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඉතාම ඉක්මනින් මැතිවරණයට ගොස් ජනමතය උරගා බැලිය යුතුයි.”

popular news
-
samson Thursday, 29 November 2018 12:48 PM
අතන මෙතන කොතන ගියත් වාසිය පතන රතන හිමි.
Reply : 5 27
gunasena Thursday, 29 November 2018 02:06 PM
පන්සලට හොරෙක් ඓත්වසිකම් කීවොත් ඔහුට දඩුවම් කරනවද? ඔහු සමග කතා කරමින් ඉන්නවද?
Reply : 0 12
Nandana Thursday, 29 November 2018 03:22 PM
නිකන් පීචන් වෙන්නේ නැතිව ඉන්නවා හාමුදුරුවනේ ,දෙපැත්තටම මුට්ටිය අල්ලන එක කවුද පුරුදු කරේ .
Reply : 1 34
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

