අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේකර මහතා පවසයි.
අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
සිංහල බෞද්ධයයන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ මෙවර උන්වහන්සේගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
අනෙක් අතින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිටපු හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම වැළැක්වීමට බවත් ඔහු සඳහන් කළේය.
