රටේ සියලු වැඩ අපේ රජය ලබාගෙන යළි ආරම්භ කරනවා - සාගල
රජය නැවත ලබාගෙන කරගෙන ආ සංවර්ධනය නැවත ලබාදෙන බව මාතර දිස්ති්රක් පාර්ලිමේන්තු මන්ති්ර සාගල රත්නායක මහතා පැවසිය .ඔහු මේ බව පැවසුවේ ඊයේ මාතර දි පැවති ජන හමුවකදිය .
එහිදි අදහස් පලකල ඒ මහතා ,
‘‘ පසුගිය සති 4 ක කාලය මට ගමට එන්න බැරිවුනා , ගමේ සංවර්ධනය හෝයා බලන්න බැරිවුනා , එහෙම වුනේ ඔක්තෝබර් 26 වනදා ජනාධිපතිවරයා අපේ රජය විසුරුවා හැරපු නිසයි . පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා . නමුත් උසාවි නියෝගයක් මත යලි පාර්ලිමෙින්තුව කැදවන්න සිදුවුනා . දැන් ඒ සටන අපි කරගෙන යනවා මාත් ඒ සටනේ පුරෝගාමියෙක් විදියට කටයුතු කරපු නිසයි ගමට එන්න බැරිවුනේ මේ සියල්ල කළේ ප්රජාත්රන්තවාදය ආක්ෂා කර ගැනිම සද හායි . මේ ප්රශ්නය පාට පක්ෂ භේදයකින් තොරව බලන්න ඕන දෙයක් . මේක රටේ මුලිකම නිතිය කඩකරපු අවස්ථාවක් එය කඩකළේ අපි පත් කරපු ජනාධිපතිවරයමයි . අපිට ලොකු අභියෝගයක් අවදානමක් තියෙනවා , ’’ යැයි පැවසිය .
ඒ නිසා රටේ සියලු වැඩකටයුතු අපේ රජය ලබාගෙන යලි ඉක්මනටම ආරම්භ කරනවා කියලා මම මේ අවස්ථාවේ ප්රකාශ කරනවා ’’ යැයි රත්නායක මහතා වැ ඩිදුරටත් පැවසිය.

popular news
-
prem Wednesday, 28 November 2018 01:52 PM
මාර වැඩ කොටසක් නැවතිලා නේද මහත්තයෝ ?
Reply : 6 56
මුනසිංහ Wednesday, 28 November 2018 03:10 PM
පටන් ගන්න කලින් කියනවද ෙමානව ද කරපු සංවර්ධන වැඩ කියලා. මහ බැංකුව සුද්ධ කරපු එකද?
Reply : 8 105
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
