රටවල් කිහිපයක සංචාරකයන්ට ලංකාවේදී නිදහස් වීසා
ග්රී ලංකාවට පැමිණෙන රටවල් කිහිපයක සංචාරකයන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නිදහස් වීසා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව තායිලන්තය, යුරෝපා සංගමයේ රටවල්, එක්සක් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙම පහසුකම හිමිවෙනු ඇත.
එළැඹෙන අප්‍රේල් 1 දා සිට 6 මාසයක කාලයක් සඳහා මෙම වැඩසහටන ක්‍රියාවට නැංවිමට නියමිතය.
වසරේ අනෙකුත් කාලයට සාපේක්ෂව අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා කාල පරාසය තුළ සංචාරකයින්ගේ පැමිණීම අඩු අගයක් ගන්නා හෙයින් එම කාලසීමාවේදී වැඩි සංචාරකයන් පිරිසක් ලංකාවට ආකර්ශනය කර ගැනීම වෙනුවෙන් මෙම වැඩසටන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මැයි සිට අගෝස්තු දක්වා වන කාල සීමාව තුළ වෙසක් හා පොසොන් උත්සව හා ඇසළ පෙරහැර වැනි බෞද්ධාගමික උත්සව සහ සංස්කෘතික අංග රාශියක් දිවයින පුරා පැවැත්වෙන බැවින් බුදුදහම ප්‍රචලිතව ඇති තායිලන්තය වැනි ආසියානු රටවල බෞද්ධ සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
මෙම නිදහස් වීසා පහසුකම ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කර තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

