Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ඔක්තෝබර් මස 15 වන බදාදා
2025 ඔක්තෝබර් මස 15 වන බදාදා
සජිත් ප්‍රේමදාස මහතා නොමැතිව දේශපාලනය කිරීමේ තේරුමක් නැති බවත් අවුරුදු 52ක තරුණයෙක් වන ඔහු රටට තියෙන එකම විකල්පය විය හැකි බව තමා විශ්වාස කරන බව විදේශ රැකියා , විදුලි සන්දේශ හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
බදුල්ලේද අද (27) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බව මම අගමැතිතුමාටත් පැහැදිළි කළා .
අපි ජනතාව ඉදිරියේ යම් කිසි ප්‍රමාණයට හෝ පරිහානියට ලක්ව තිබෙන්නේ සමහර තීන්දු තීරණ නොගත් නිසාත් සමහර නායකයන්ගේ ක්‍රියා කලාපය නිසාත් කියා මා හිතනවා .
ඒ වගේම අපි කරපු හොඳ දේවල් මාකට් කරන්න අපිට බැරි උනා . මේක ඒ යාන්ත්‍රණය තුළ වූ පසුබැසීමක් . අපි සෑම පාසැල් දරුවෙකුටම කිරි වීදුරුවක් දෙනවා . අධ්‍යාපන සංවර්ධනයට සෞඛ්‍ය සංවර්ධනයට අතිවිශාල මුදලක් වැය කර තිබෙනවා . මේවා හරියට ප්‍රකාශ නොවුණේ නායකත්වයේ යම් යම් අඩුපාඩු නිසයි.
අද පක්ෂයට වැඩ කරපු සමහර පාක්ෂිකයන් සමහර තැන්වල කඩාවැටිල තියෙනවා . ඒ නිසා මං විශ්වාස කරනවා අයියා අගමැති මල්ලී ජනාධිපති , එහෙම නැතිනම් මල්ලී අගමැති අයියා ජනාධිපති වෙන්න ඕන රටක් නොවෙයි මේක .
අලුතින් දකින්න පුළුවන් අලුතින් හිතන්න පුළුවන් කිසි තැන වැරැද්දක් නැති නායකයෙක් ඉදිරියට ගේන්න පුළුවන් නම් පක්ෂය හා රට යම් තැනකට ගේන්න පුළුවන් යැයි තමා විශ්වාස කරන බවද ඇමතිවරයා පැවසීය .
සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව පක්ෂය තුලම සටනක් දියත් වෙනවා නේදැයි විමසූවිට හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ එය හුදකලා සටනක් බවයි .
බදුල්ල -පාලිත ආරියවංශ
popular news
Dayan Saturday, 27 July 2019 09:16 PM
එයාගේ දර්ශනය නිවාස තැනීම සහ පන්සල් වලට ආධාර දීම පමනය්. ඒකෙන් මේ රට ගොඩ ගන්න පුලුවන්ද?
Reply : 0 1
ලියනගේ Sunday, 28 July 2019 12:19 AM
අලුතින් දකින්න පුළුවන් අලුතින් හිතන්න පුළුවන් උගත් බුද්දිමත් පළපුරුදු උසස් අද්යාපනයක් තිබෙන කිසි තැන වැරැද්දක් නැති නායකයෙක් ඉදිරියට ගේන්න පුළුවන් නම් පක්ෂය හා රට යම් තැනකට ගේන්න පුළුවන් බව අපිත් දනිමු
Reply : 0 0
chris Sunday, 28 July 2019 07:05 AM
හරීන් පුතේ අද පල්ලි යන්න එපා
Reply : 0 0
Saman Sunday, 28 July 2019 08:33 AM
සජිත් කණ්ඩායම් හැගීමක් නැති පුද්ගලයෙක් ලෙස ඔප්පුවී හමාරයි. පසුගිය ඔක්තෝබර් කුමන්ත්‍රණය වෙලාවේ ඔහු හැසිරුණු ආකාරය මුළු රටම දන්නා කරුණක්. මහරාජා සහ ජනාධිපති සමග කටයුතු කල ආකාරය අපි දැක්කා. කරුණාකරලා හරීන් මහත්මයෝ මීට වඩා පරිනත පුද්ගලයෙක් මේ සඳහා යෝජනා කරන්න. මුළු රටම එය පිළිගනීවි. දාගැබ් පමණක් හදන්න හදන සජිත් ගෙන් රටට වැඩක් වෙන එකක් නැහැ. මහන්සිවී වැඩ කරන්න පුළුවන් කාර්යක් ඔහුට බාර දෙන්න. ඔහුගෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න. ජනාධිපති කමට ඔහු තාමත් ලාබාල වැඩියි.
Reply : 0 0
Lion Sunday, 28 July 2019 09:43 AM
Harin ඔයාගේ Janadhipathi අපේක්ෂකයා කියනවා ඒයා අවොත් එයාගේ තාත්තගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කියල . Harin අපි එයාගේ තාත්තගේ කාලේ කට ඇරියේ බත් කන්නඊ දත් මදින්නඊ vitharai
Reply : 0 0
Daham Sunday, 28 July 2019 10:30 AM
රටට ඇති එකම විකල්පය ඔබ සියලුදෙනාම ගෙදරටවී තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න .
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd