රට සුරක්ෂිත කිරිමට හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා - බැසිල්
රට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශී‍්‍ර ලංකා පොදුජන නීතිඥ සංගමයේ නිල කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට (01) අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
වෙනත් කිසිදු මැතිවරණයකදී නොවූ ආකාරයෙන්, මෙවර මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තිබෙන බවත් සිමෙන්ති බෙදාහැරීමෙන් ඇරඹි භාණ්ඩ බෙදා දීම දිනෙන් දිනම ව්‍යාප්ත වෙමින් පවතින බව ද හඳුනා ගත හැකි බවත් මෙහිදී රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැගීම සඳහා අවශ්‍ය සියලූ කැප කිරීම් සිදු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලූ දෙනා උත්සාහ කරන මෙම අවස්ථාවේදී ඇතැම් පුද්ගලයින් කිහිපදෙනෙක් පමණක් ඊට බාධා වන ලෙස කටයුතු කිරීම ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළේය.
එම නිසා මෙවැනි අවස්ථාවක රට ගොඩනැගීම සහ රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් පැහැදිලි දැක්මක් සහ සැලැස්මක් සහිත නායකයකු බිහිකර ගැනීම සඳහා රටේ ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කළයුතු බවත් ඒ වෙනුවෙන් තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

popular news
-
Nandana Tuesday, 01 October 2019 09:30 PM
ඒ විතරක්ද සීයට දහයේ කොමිස් මල්වනේ ඉඩම් ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

