රට පුරා පන්සල්වලට ආධාර දෙනවා
මේ අවස්ථාවේදී බිය සැක නොමැතිව පොසොන් උත්සවය සැමරිය යුතු බවත් මිහින්තලේ පොසොන් කලාපයට පමණක් නොව රට පුරා පන්සල් සඳහා ආධාර ලබා දීමටත්, සියළුම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දානමය පුණ්‍යකර්මයන් පැවැත්වීමටත් රජයෙන් ප්‍රතිපාදන වෙන් කොට ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසීංහ මහතා ප්‍රකාශ කළේය.
පොසොන් පෝය සැමරීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකවරුන් සමග සාකච්ඡා කිරීම සඳහා ඊයේ (7දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් දැක්වීය.
"මම තානාපතිවරුන් කිහිප දෙනකුට කතා කළා. එදා, පාස්කු ඉරිදා අපි සූදානම්ව නොසිටියත් දැන් අපි ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිසා අයි.එස්.අයි.එස් තර්ජන දැන් ඉවත් කරලා තියෙන බව ඒ අය පිළිගන්නවා.නමුත් ලංකාවේ ජාතිවාදී ගැටුම් ඇතිවෙයි ද කියලා ඔවුන්ට ප්‍රශ්නයක් තිබෙනවා. මේ ඇතිවන සිද්ධි විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා.
ඒ නිසා තමන්ගේ ප්‍රදේශය තුළ ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්න ඉඩ නොදෙන ලෙස මම දිසා ලේකම්වරුන්ට විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි, ඒ සඳහා ගම් මට්ටමින් තිබෙන විවිධ කොමිටි රැස්කරවන්න. ඒ අය එක්ක සාකච්ඡා කරන්න. මොකද එක සිද්ධියක් ඇති වුණොත් ආපසු සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන්න පුළුවන්.
සමහර අය කෙටි කාලීන දේශපාලන වාසියට ජාතිවාදය ඇද ගන්න බලනවා. එත් අන්තිමට වෙන්නේ අපේ ආර්ථිකයට මරු පහරක් වැඳීම පමණයි. සාමාන්‍යයෙන් පොසොන් උත්සවය පවත්වන්නේ සමහර ප්‍රදේශවල පමණයි. ඒත් මේ අවස්ථාවේදී රටේ හැම බෞද්ධ ප්‍රදේශයකම පොසොන් උත්සවය පවත්වන්න අපි තීරණය කළා.
විශේෂයෙන්ම වෙසක් උත්සවයේදී සමහර අයට සැකයක් තිබුණා. සමහර අයට බයක් තිබුණා. අද ඒ බයයි සැකයයි දෙකම නැහැ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපේ පොසොන් උත්සවය හොඳින් පවත්වන්න.
හැම දිස්ත්‍රික්කයේම මේ වැඩසටහන් කරන්න, විශේෂයෙන්ම පන්සල්වලට ආධාර දෙන්න අපි මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ සමගම සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දාන සහ පිංකම් පවත්වන්න අපි ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. මිහින්තලේ පොසොන් කලාපය වෙනුවෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ සමගම සැරසිලි, දාන, ශීල, භාවනා වැඩසටහන් අපි රට පුරා ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම සෑම ජාතික පාසලකම ශීල ව්‍යාපාරයක් පවත්වනවා. මෙවැනි වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තිබෙනවා. අපි මේවා දියත් කරන්න ඕනෑ. අපි පෙන්නන්න ඕනෑ අපි මෙවැනි වැඩකටයුතු කරන්න බය නැහැ කියලා. අපිට ඒ ආත්ම ශක්තිය තිබෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ බුදු සමය ලංකාවට ගෙන ආ මේ පොසොන් පොහොය තමයි ලංකාවේ සිංහල බෞද්ධයන්ට තිබෙන වැදගත්ම උත්සවයයි. එබැවින් මේ පොහොය අවස්ථාවේදී භේද ඇති කරන්නට අපි කිසිවෙකුටත් ඉඩ දෙන්න හොඳ නැහැ. අප වැඩ කළ යුත්තේ සියළු දෙනාම එකතු කරන ආකාරයටයි. ඒ නිසා පොසොන් පෝයට මුල්තැන දී එය ඉතාම හොඳින් සංවිධානය කරන ලෙස මම ඉල්ලා සිටිනවා.”
popular news
-
ලංකාපුත්‍ර Saturday, 08 June 2019 10:57 AM
ගුරු අගමැතිතුමණි පසු විපරුමක් නොමැති ලෙසට පන්සල්වලට කොතෙක් ආධාර දුන්නත් වැඩක් නැහැ .සමහර පංසල්වලට ලැබෙන මුදල් හාමුදුරුවන්ගේ ඥාතීන් කොටසක් ගෙනයනවා .කොටසක් සිවුරු හැර යන්න සිටින පොඩි උන්නාන්සේලා ගසාකනවා රජයෙන් ලැබෙන මුදල් ගැන කාර්ය සාධන සමිතියටවත් දන්වන්නේද නැත (බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදෙස් මත කියා දායක සභාත් ඇතිකරන්නැනේ නැහැ පවතින කාර්ය සාදන සමිතියේ සභාපති වන්නේද හාමුදුරුවන්ය.මේවාද සුදුසු නැත). ලැබෙන.මුදල් කාර්ය සාදන සමිතිය කරන වැඩකටවත් ලැබෙන්නේ නැහැ.ඒ මුදල් විතරක් නොවෙයි කඨිණ පිංකම් වලට දායකයින් කරන පරිත්‍යාග මුදල්වත් සමහර හාමුදුරුවරුන් වහන්සේලා පිංකමට නොදී යටිමඩි ගසා ගන්නවා.මේවාට මහානායක හාමුදුරුවන් වහන්සේලා සමග සාකච්ඡාකර මුදල් නිසා බුදු දහමට සිදුවන විනාශයන් වලක්වා ගැනීමට කටයුතු කරන්න
Reply : 0 0
shan Saturday, 08 June 2019 11:25 AM
අගමැතිතුමනි කරුණාකර උතුරු හා නැගෙනහිර පන්සල් වලට වැඩි මුදලක් ලබා දෙන්න එම පන්සල් විශාල ලෙස නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කාරයට අවැසි මුදල් අරබුදයකට මැදිවෙලා ඉන්නේ රටේ අනෙක් පන්සල් වලට අවශ්‍ය ආරක්ෂාව දුන්නම් ජනතාව පොසොන් උත්සවය හොදින් කර ගනීවි
Reply : 0 0
shan Saturday, 08 June 2019 11:25 AM
අගමැතිතුමනි කරුණාකර උතුරු හා නැගෙනහිර පන්සල් වලට වැඩි මුදලක් ලබා දෙන්න එම පන්සල් විශාල ලෙස නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කාරයට අවැසි මුදල් අරබුදයකට මැදිවෙලා ඉන්නේ රටේ අනෙක් පන්සල් වලට අවශ්‍ය ආරක්ෂාව දුන්නම් ජනතාව පොසොන් උත්සවය හොදින් කර ගනීවි
Reply : 0 0
Daham Saturday, 08 June 2019 01:57 PM
පන්සල් වලට විතරක් ආධාර දුන්නම ඇති , මහජනතාවට මොකුත් දෙන්න ඕනේ නැහැ .
Reply : 0 0
චමින්ද Sunday, 09 June 2019 06:01 PM
දහම්ට කියන්නේ පංසල් වලට ආධාර කරනවා කියන්නේ මහජනතාවට ආගමික කටයුතු කරගන්න පහසුකම් සලසනවා කියලයි.එහෙම වුනත් සමහර හාමුදුරුවන් එම මුදල් පුද්ගලික වැඩට ගන්නා නිසා ඔබට ඔහොම හිතෙනවා ඇති
Reply : 0 0
ranjith Saturday, 08 June 2019 02:38 PM
මේ රට බෞද්ද රටක් නෙවෙඉ කියල්ල කිඋව ගොනා තකතීරු කතාව නිසා ඔය මොනවා කරත් චන්ද ගන්න බෙරිවෙඉ
Reply : 0 1
nimal Saturday, 08 June 2019 04:43 PM
මෙයාගේ බුදලෙන් වගේ . මෙහෙමත් නරි. ආධාර ගැන අමනාපයක් නැත
Reply : 0 0
Champa Saturday, 08 June 2019 08:27 PM
අර මිහින්තලේ පන්සලෙත් අඩුපාඩු තියෙනවලු කියලා ලොකු හාමුදුරුවෝ කියනව. ඒ වුනාට පොසොන් සමරන්නලු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

