රට නොබෙදන බව UNP මහානායක හිමිවරුන්ට කියයි
එක්සත් ජාතික පක්ෂයට රට බෙදීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂය විසින් මහානායක හිමිවරුන් වෙත පවසා තිබේ.
අද (23දා) එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් බැහැ දැක මේ බව සඳහන් කර තිබේ.
එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාලිත රංගෙ බණ්ඩාර මහතා,
“කඩිනමින්ම ඇවිල්ලා යථා තත්ත්වය පසක් කර දීමට කටයුතු කළා. අපි ඉදිරියටත් බලාපොරොත්තුවෙනවා හැම කටයුත්තක්ම මහානායක හිමිපාණන්වහන්සේලාට දැනුවත් කරන්න.
මහින්ද රාජපක්ෂ මහත්තයා ෂැංග්‍රීලා එකේ ඉදන් රට විකුණනවා කියනවා. ෂැංග්‍රීලා එකට ඉඩම වික්කේත් මහින්ද රාජපක්ෂ මහතායි. අපි එක බිම් අඟලක්වත් විදේශයකට විකුණලාවත් රට බෙදලවත් නෑ.”

popular news
-
rocky Monday, 24 December 2018 06:01 AM
රට බෙදන කතාව, එල්.ටී.ටී.ඊ.බිල්ලා, ඩයස්පෝරාව, කියන්නේ පොහොට්ටුවන්ගේ "තුන්සරණය"! මෝඩ ජනතාව රවටන්න මේ තක්කඩින්ට තියන සටන් පාට ඕවා විතරයි. ඇයි ඉතින් ඔය මහා වීරයා තනියෙන්ම යුද්ධ කරලා කොටින්ව සුන්නද්දුලි කරලා දැම්මාය කියල එක පැත්තකින් කියන්නේ? එහෙම නම් දැන් රට බෙදිල්ලක් මොකටද? මේකලා රට බෙදාගන්න හදන්නේ මැදමුලන පවුලේ උන් අතරේ වෙන්න ඇති!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

