රට ගොඩනැගිමට විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් හා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ එක්විය යුතුයි - බැසිල්
ජාතික වශයෙන් මවුබිම මුහුණ දී ඇති විවිධ තර්ජන වලින් මිදීම සදහා විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ සඳහා ප්රගතිශීලී දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (15) බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති හමුවකදීය.
ජාතික කොංග්‍රසය, තමිල මහජන විමුක්ති සංවිධානය ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය යන පක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද දිනයේ සාකච්ජා වට කිහිපයක් පැවතිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ බලවේග පිහිටුවන රජයක ප්‍රතිපත්ති ප්රකාශනය සැකසීමේ වැඩපිළිවෙළට අනෙකුත් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණ වලදී සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු විය.
රටේ සංවර්ධනය පිළිබඳව මෙහිදි අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේ වත්මන් රජයට රටේ සංවර්ධනය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බවයි.
විශේෂයෙන් තිස්වසරක යුද්ධය නිසා අඩාලවූ උතුරු නැගෙනහිර ජනතා අභිලාෂ මුදුන්පත් කිරීමේ සංවර්ධන වැඩපිළිවෙල වත්මන් ආණ්ඩුව යටතේ අඩපණ වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සෙසු පක්ෂ නියෝජිතයින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ වැඩපිළිවෙලට ප්‍රසාදය පළ කළ අතර සියලූ ජාතීන්ට එක්ව ජිවත් විය හැකි ස්ථාවර රටක් මෙන්ම සංවර්ධිත රටක් බිහි කිරීමේ හැකියාව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ රජයකට යැයි විශ්වාසය පළ කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Demuni de silva Monday, 15 July 2019 09:27 PM
We know what you all have done; co-operate with NAGANANDA. No other alternative.
Reply : 0 0
Nandana Monday, 15 July 2019 10:04 PM
මල්වානේ පැනිරබුටන් % 5 කොමිෂන් අද වගේ මතකේ
Reply : 0 0
Champa Tuesday, 16 July 2019 10:25 AM
අපේ දේශපාලකයෝ 1948 ඉඳන් රට ගොඩ නගනවා, දුගී දුප්පත්කම නැති කරනවා, රට සංවර්ධනය කරනවා. දැන් මේ 2019 වෙනි අවුරුද්ද. තාමත් මේ පක්ෂ සහ දේශපාලකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙන්නේ රට ගොඩ නගන හැටි, දුගී දුප්පත්කම නැති කරන හැටි සහ රට සංවර්ධනය කරන හැටි. අවුරුදු 72ක් ගිහිල්ලත් කරගන්න බැරි වෙච්ච වැඩේ ඊළඟ පාර කරන්න පුලුවන්ද? දේශපාලකයන්ට මේ රට ගොඩ නගන්න බැරි බව ඔප්පු කරලා ඉවරයි. පැහැදිලිවම පෙනෙන්නේ අපේ දේශපාලකයන් රට වෙනුවෙන් කරන්න ඕනේ මොකක්ද කියල අවුරුදු 72ක් ගිහිලත් තාම තේරුම් ගන්න බැරි බව. මේ සම්ප්‍රදායික දේශපාලන හොරණෑව දැන් මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

