බොහොම පැහැදිලිව රට ගොඩනගන්න, රට ආරක්ෂා කළ හැකි එය කර පෙන්නු ගෝඨාභය රාජපක්ෂ මහතා අපගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අපි ඉදිරිපත් කර තිබෙන බවත් අපගේ ජයග්රහණය බොහොම පැහැදිලි බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාපවසයි.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ අද පෙරවරුවේ හෝමාගම ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,
අද ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා රට විනාශ වෙන්න දෙනවද නැත්නම් අපගේ අනාගත පරපුරට රටක් ඉතිරි කරනවාද කියා. පසුගිය වසර හතර තුළ අපේ සම්පත් ක්රමානුකූලව පිටරැටියන්ට විකුණුවා. අපි යුද්ධය අවසන් කර රට ගොඩනැගුවා. ගුවන් තොටුපොළවල් , වරායවල්, අධිවේගී මාර්ග සාදා රටේ වටිනාකම වැඩි කළා. මේ අය බලයට ඇවිත් ඒ සම්පත් ක්රමානුකූලව විකුණුවා.
මෙය නතර කළ යුතු කාලය ඇවිත්. මෙම සම්පත් අයිති අනාගත ඉපදෙන දරුවන්ට. නූපන් දරුවන්ට අයත් මෙම සම්පත් වසර පහකට බලයට ඇවිත් විකුණගෙන කන්න කාටවත් අයිතියක් නැහැ. ඔවුන් බලයට ආවේ පළිගැනීමට පමණයි. දේශපාලන හතුරන්ගෙන් පළිගන්නද අපි ජනාධිපතිවරයෙක් පත් කරන්නේ. ඒත් ඒ ගැන සිතා බලා මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරු පත් කර ගැනීම ජනතාවගේ යුතුකමක් යැයි ද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
