රට ගැන සිතා බදුර්දීන්ගේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා - වසන්ත
පුද්ගලයෙකු ගැන සිතා නොව රට ගැන සිතා රිසාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් සිදු වූ හානිය වෙනුවෙන් ගොවීන් වෙත වන්දි පිරිනැමීමේ උත්සවයකට මනම්පිටියේ දී සහභාගී වෙමිණි.
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (30) පැවති මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා ,
ප්රශ්නය; මේ දිනවල දැඩි කතා බහකට ලක්ව තිබෙනවා රිසාඩ් බදුර්දීන් ඇමතිවරයා අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කර ගැනීමට විවිධ බලපෑම් කරන බවට.
පිළිතුර :රිසාඩ් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වී තිබෙනවා. අපිත් ඒයට පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා. පුද්ගලයින් ගැන සිතා නොව රට ගැන හිතා ඊට ඡන්දය පාවිච්චි කරනවා.
ප්රශ්නය: රිසාඩ් ඇමතිවරයා යුධ හමුදාපතිවරයාට විටින් විට ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න බලපෑම් කළා කියලා හමුදාපතිවරයා කියා තිබුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විශ්වාසභංගයකට කළින් මොහු ඉවත් කරන්න පියවර ගන්න ඕන. ඒ පිළිබඳව ඔබගේ අදහස..?
පිළිතුර:පාර්ලිමේන්තුවෙන් අයින් කරනවා කියන්නේ ලොකු පියවරක් ඒකට පරික්ෂණයක් කරන්න වෙයි. විශ්වාසභංගය කියන්නේ පාර්ලිමේන්තුව උසාවියක් නෙමෙයි. මේ අයට විරුද්ධව හිරේ දාන්න කියන්න නෙමෙයි පාර්ලිමේන්තුවේ අහන්නේ. ඔබට මොහු ගැන විශ්වාසයක් තියෙනවාද නැද්ද කියන කාරණය විශ්වාසභංගය පැරදුනත් එයාට කිසිම හානියක් වෙන්නේ නෑ.හිරේට යන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන මෙයා ගැන විශ්වාසයක් තියෙනවා ද නැද්ද කියලා.මට නම් විශ්වාසය තියෙනවා හමුදාපති ගැන යනුවෙන් ඔහු පැවසීය.
පොළොන්නරුව - තුෂාර තෙන්නකෝන්

popular news
-
Nandana Friday, 31 May 2019 04:51 PM
අනේ පව් ,මේ අර හාව නේද ?
Reply : 0 0
Champa Friday, 31 May 2019 06:03 PM
හා හා රිෂාඩ්ගෙන් ගානක් ගන්න කරන වැඩක්. ඊට පස්සේ කියයි රට ගැන හිතන්න ඉස්සෙල්ල පක්ෂය ගැන හිතන්න වෙනවා ඒ හින්ද ආණ්ඩුව රැක ගන්න මේකට NCM එකට විරුද්ධව චන්දෙ දෙනවා කියල. හඳපානේ ආණ්ඩුව හදපු වෙලාවේ මුදල් වෙනුවෙන් ආත්මය පාවල දීල නටපු නාඩගම මුළු රටම දැක්ක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

