රජරට සරසවි උණෙන් සිසුවියක් ජීවිතක්ෂයට
රජරට විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ඊයේ (02දා) මරණයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ මහනුවර පිළිමතලාව පදිංචි ඔෂානි එරංගිකා පිටවල නම් තරුණියකි.
උණ රෝගය ව්‍යාප්තවීම නිසා රජරට විශ්ව විද්‍යාලය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙන අතර මෙම ශිෂ්‍යාව විභාගය සඳහා පෙනී සිටිමටද ගොස් ඇත.එම අවස්ථාවේ ඇතිවූ උණ තත්ත්වයක් හේතුවෙන් ඇය පිළිමතලාවේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබේ.
චමිල් රූපසිංහ

popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:25 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

