ඇවන්ට්ගාර්ඩ් සිදුවීමට අදාළව සිදුකරන පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රක්නා ලංකා ආයතනයේ හිටපු සභාපති වික්ටර් සමරවීර යන අය එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරු ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන ඊයේම ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.