යුරෝපා සංගමය තර්ජනය කරනවා - ජනපති
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා නොදෙන බව සඳහන් කරමින් යුරෝපා සංගමය තර්ජනය කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාප්තියට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“දැන් දවස් තුනකට කලින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා දින තුනකට කලින් මට කථා කළා. මගෙන් ඇහුවා මරණීය දණ්ඩනය දෙනවද කියලා. මම මහලේකම්තුමාට කරුණු පැහැදිලි කළා. මේක ලොකු ප්‍රශ්නයක් මට රට විනාශ වෙනකම් බලාගෙන ඉන්න බෑ ඒක නිසා මම මේක ක්‍රියාත්මක කරනවා කියලා.
යුරෝපීය යූනියන් එක කියනවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළොත් ජී.එස්.පී. බදු සහනය දෙන්නේ නෑ කියලා. ඒක තර්ජනයක්. ස්වාධීන රටකට තර්ජනය හොඳ නෑ.
මම දැක්කා ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කියලා තිබෙනවා ඒ අයගේ පක්ෂයේ ප්‍රතිපත්තිය මරණීය දණ්ඩනය නෙමෙයි කියලා. පක්ෂයේ ප්‍රතිපත්ති ඒ විදිහටම ක්‍රියාත්මක කළා නම් මේ අවුරුදු හතර හමාරේ රට කොච්චර හොඳද?
විපක්ෂයෙන් කියලා තිබෙනවා මරණීය දණ්ඩනයට විරුද්ධයි මේක කරන්න එපා කියලා. මරණීය දණ්ඩනයට විරුද්ධව කථා කරන අය මත්ද්‍රව්‍ය නැති කරන්න මර්දනය කරන්න දීලා තියෙන උදව්ව මොකක්ද?”

popular news
-
Ruwan Ranasinga Monday, 01 July 2019 05:05 PM
ඔක්කම ආරක්ෂක බල අතේ තියාගෙන ඔබ මොකද කලේ
Reply : 0 2
Champa Monday, 01 July 2019 06:32 PM
මත්ද්‍රව්‍ය මර්දනය කරන්න මේ වෙනකම් කිසි පාලකයෙක් නීති ගෙනාවේ හෝ කිසිම පියවරක් නොගත්ත බව ඇත්ත. හැබැයි එහෙම කියල මරණ දණ්ඩනය ගේනවා කියල මේක විසඳෙන්නේ නැහැ. මේක නවත්තන්න තියෙන නීති ඇති. හැබැයි තියෙන නීති එකක්වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ දේශපාලන බලපෑම් නිසා. අනිත් එක සෝදිසි කිරීම් වෙන්නේ කඩින් කඩ. ප්රතිරූප නග්ගන්න කියල හිතාගෙන මේ වැඩේ නතර කරන්න බැහැ. මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙන්නේ ඊට අදාළ නීති ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා.
Reply : 0 0
Chalana Monday, 01 July 2019 07:34 PM
GSP මද්යම ආදායම් මට්ටමට ආවම කොහොමත් අයින් වෙනවා. මද්යම ආදායම් ආර්ථිකයකට ලංකාවට යන්න ඇත්තේ තව dollar 100 ට අඩු දුරක්. මත් ද්‍රව්‍ය වැලීම් වන හානිය gsp ආදායමට වඩා වැඩිය් . බය wanna එපා.
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

