ශ්‍රි ලංකාවේ තේ අලෙවිය සදහා යුරෝපිය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රි ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම පහළ වැටි ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීන් පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වතු සමාගම්වල විධායක නිලධාරින් කිහිප දෙනෙකු වැඩිදුරටත් කියා සිටියේ යුරෝපිය රටවල ශ්‍රි ලංකාවේ තේ සදහා විශාල ඉල්ලුමක් පැවති බවත්, එම ඉල්ලුම අභියෝගයක් කරගත් අසල්වාසි තේ අපනයනය කරන රටක් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක කර ගනිමින් කුමන්ත්‍රණයක් දියත් කර උඩරට තේ වතු වල සේවය කරන වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවිමට සහ වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවිමට කටයුතු නොකරන බවට බොරු ප්‍රචාරයක් මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාල වලින් එම රටවල ප්‍රසිද්ධියට පත් කර ශ්‍රි ලංකාව සදහා නිකුත් කර තිබු අදාළ ජාත්‍යන්තර ප්‍රමිති සහතික තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
යුරෝපිය රටවල ශ්‍රි ලංකාවේ තේ මිලදි ගන්නා පරිභෝගිකයන් අදාළ ප්‍රමිති සහතික තේ පැකට් වල සඳහන් නොකිරිම නිසා ශ්‍රි ලංකාවේ තේ මිලදි ගැනිම එම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් කරයි.
තවද ඇමරිකාව විසින් ඉරානයට ආර්ථික සම්බාධක පැනවිම මත ඉරානයට ශ්‍රි ලංකාවේ තේ අපනයනය නොකිරිම නිසා උඩරට සහ පහතරට නිෂ්පාදිත තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරිමේදි සැම වෙන්දේසියකම 30% ක තේ ප්‍රමාණයක් අලෙවි නොවිම මත එම තේ තොග තේ කර්මාන්තශාලා වල ගබඩා කර තිබෙන බවයි එම වතු සමාගම් වල විධායක නිලධාරින් කියා සිටින්නේ.
පවත්නා තත්ත්වය මත ශ්‍රි ලංකාවේ තේ කිලෝවක් සදහා දැනට රු 400/= සිට 500/= ක මුදලක් වෙන්දේසියෙන් ලැබෙන බවත්, එම මුදල තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන පිරිවැයට වඩා අඩු නිසා තේ වතු සමාගම් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව වතු සමාගම්වල විධායක නිලධාරින් පවසයි.
පවත්නා තත්ත්වය මත මේ වනවිට තේ වතු සමාගම් දැඩි මුල්‍ය අර්බුදයක් හමුවේ පවත්වාගෙන යන නිසා ඉදිරියේදි වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවිමටද ඉදිරියේදි නොහැකි විමේ අවධානමක් මතු වි ඇති බව වතු සමාගම්වල විධායක නිලධාරින් වැඩිදුරටත් පවසති.
