යුද්ධයෙන් බාහිර වූ සිදුවීම් ගැන නීතිය ක්‍රියාත්මක කරනවා
යුද්ධය පැවති කාලයේ සේම ඉන් පසුවත් යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම 2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප්රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
ත්රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලූදෙනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවත්, එම සියලුදෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින අතර, ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප්‍රසාද ද නොඅඩුව ලබාදෙන බව ජනපතිවරයා සඳහන් කළේය.
පෙරේදා (26දා) පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
යුද්ධයෙන් බාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලුදෙනාට නීතිය කි‍්‍රයාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බවත් ජාත්‍යන්තර වශයෙන් අපේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ද වැඩිදුරටත් කියා සිටියේය.

popular news
-
Champa Friday, 28 September 2018 11:20 AM
දැන් ශ්‍රේෂ්ඨ රණවිරුවෝලු. කොටි ඩියස්පෝරා එකටයි TNA එකටයි පොරොන්දු වෙලා හිටියේ මහින්දව පරද්දල විතරක් නෙමේ මහින්දව හිරේ දාන්න. ඒක නොකළේ මහින්ද වෙනුවෙන් පෙබරවාරි 18 විමල්ලගේ රැස්වීමට නුගේගොඩට ආපු ජනගඟ දැකල බය වෙච්ච නිසා. ඊලඟ පොරොන්දුව කොටි ඉවර කරන්න විශාල සේවයක් කරපු යුධහමුදා බුද්ධි බලකාය නැති කරලා දාන එක. බලයට ආව ගමන් කලේ කිසි හේතුවක් නැතුව එක එක හමුදා නිලධාරියා හිරේ දාපු එක. ඊළඟට ජිනීවා ගිවිසුමෙන් මුළු හමුදාවම පාවලා දුන්න. ලංකාවේ මිනිස්සු කිසිකෙනෙක් මැරිලා ඉපදුනේ නැහැ. ජනාධිපතිවරනෙට අවුරුද්දක් තිබුනට දැන්මම සිහි විකල්ලෙන් කියවනවා. හිටපු ජනාධිපතිතුමාට ජිවිත අනතුරක් තියෙනව. ඒ වුනාට ලක්ෂ දෙසීයක ජනතාවගේ ජීවිත බේරපු එතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් කිසි අනතුරක් වෙන්නේ නැහැ. යුද්ධයෙන් බාහිර සිදුවීම් කියන්නේ මොනවාද? ලසන්තයි කිත් නොයාර් ගැන කතාව. ඊළඟට මැරිච්ච නැති ප්‍රගීත් එක්නැලිගොඩ මැරුව කියනඑක. ඔය කිසි දෙකට හිටපු ජනාධිපතිතුමා සම්බන්ධ නැහැ. හිරේ දාල තියෙන හමුදා නිලධාරියෝ ගැන කිසිම සෘජු සාක්කි නැහැ. එක හමුදා නිලධාරියෙක්ට ඇප දෙන්නේ ඒ වෙනුවට තව හමුදා නිලධාරියෙක්ව හිරේ දාල. මිනිස්සු සාපකරනව.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

