යුද්ධයෙන් පීඩාවට පත් රණවිරු වැන්දඹුවන් සඳහා විරුලිය ශක්ති
කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ගොඩ නැගීම අරමුණු කර ගනිමින් ‘විරුලිය ශක්ති’ නමින් යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයන්ගේ භාර්යාවන් සහ පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) මගින් හඳුන්වාදී තිබේ.
කුරුණෑගල, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹෙන මෙම වැඩසටහන ඉදිරියේදී දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
යුද්ධයේදී දිවිපිදූ හමුදා හා පොලිස් සාමාජිකයන්ගේ භාර්යාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ඔවුන් දිගුකාලීන තිරසාර ජීවන රටාවකට යොමුවීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙම ‘විරුලිය ශක්ති’ ව්‍යාපෘතිය මගින් සිදුවේ.
සමාජයේ විවිධ අවස්ථාවන්ට දිරියෙන් මුහුණදීම උදෙසා සහ තම වගකීම් ඉටු කරමින් දුවා දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය මනා ලෙස කළමනාකරණය කරගැනීම සඳහා දිරි දීමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය තුළින් ඔවුන්ට පැන නගින මානසික, සමාජීය මෙන්ම තිරසාර ජීවනෝපාය ගැටලු සඳහාද විසඳුම් සෙවීමට අපේක්ෂා කෙරේ.
popular news
-
Champa Thursday, 13 September 2018 06:41 PM
ONUR ද? අම්මෝ බලාගෙන. මේ අතරේ ඉන්න බෞද්ධ කාන්තාවන් අනාගාමික කරන්න, LGBT කරන්න ඕක පාවිච්චි කරන්න පුළුවන්. උවමනාවෙන්ම බුදු දහමට නිගා වෙන අසභ්‍ය නාට්‍ය පෙන්වන්න හදපු ONUR කරන ඕනේ දෙයක් ගැන හොඳට විමසිල්ලෙන් කල්පනාවෙන් බලන්න. යටින් තියෙන පරමාර්ථය හඳුනා ගන්න.
Reply : 90 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

