යුද්දෙන් නැවත පදිංචි වුවන්ට යුද හමුදාවෙන් අංගසම්පූර්ණ නිවාස
යුද්ධයෙන් පසු යාපනයේ නැවත පදිංචි පවුල් වෙනුවෙන් 2009 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ අංගසම්පූර්ණ නිවාස 700ක් මේ වන විට ඉදිකොට ජනතාවට භාරදි ඇති බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා පැවසුවේය.
යාපනය ආඥාපතිවරයා මේ බව කියාසිටියේ ඊයේ (17) දින යාපනය කරවෙඩ්ඩි සහ පේදුරුතුඩුව ප්‍රදේශයන් තුළ අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වෙනුවෙන් යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් නිවසට අවශ්‍ය ගෘහ උපකරණද සමඟින් අංග සම්පූර්ණ නිවෙස් දෙකක් භාරදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
යාපනය ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් මත ධානපති කුමාර් වීරසූරිය මහතාගේ මුදල් පරිත්‍යාගයෙන් 55 වන සේනාංකයේ අධීක්ෂණයෙන් 551 බලසේනා මූලස්ථානයේ 4 වන සිංහ රෙජිමේන්තු හා 16 වන ස්වේච්ඡා පාබල හමුදාව විසින් මෙම නිවෙස් දෙක ඉදිකොට ඇත.
නව නිවාස දෙක භාරදීමේ අවස්ථාවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් ,ධානපති කුමාර් වීරසූරිය , යාපනය ආඥාපතිතුමන් සමග සේනංකාධිපතිවරුවන් හා සාමාන්‍ය වැසියන් පිරිසක් සහභාගී වූහ.


popular news
-
දේශප්‍රේමියා Wednesday, 18 December 2019 06:06 PM
යුද්දෙන් ඇත්තටම බැට කෑවේ අපේ රණවිරුවෝ.ඔය ගෙවල් ටික ඉන්න හිටින්න තැනක් නැති රණවිරු පවුල්වලට දුන්නනම් හොදයි. ඔය මුල අමතක මිනිස්සුන්ට මොනවාකලත් වැඩක් නෑ මහත්තයෝ. ගගට ඉනි කැපුවා වගෙයි.අනෙත් එක NGO, කොටි හිතවාදී රටවල් ඕන තරම් ඉන්නවා ඔය මිනිස්සුන්ට කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

