පුදුකුඩුඉරිප්පු සිට මුල්ලියාවේලි දෙසට ගමන් ගත් යුද හමුදා කැබ් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් සිදුවූ අනතුරකින් යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම ට්රක් රථයේ සෙබලුන් 07ක් හා සෙබලියන් 02ක් ගමන් කර ඇති අනතුරින් සියලුම දෙනා තුවාල ලබා තිබේ. තුවාලකරුවන් කෝපාපිලව් යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමේදී මෙම ලාන්ස් කෝප්රල්වරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මහියංගනයේ පදිංචි අවුරුදු 34ක් වන එම්. ජයරත්න නැමැති ලාන්ස් කෝප්රල්වරයෙකි. අද පෙරවරු 6.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
