යාල් දේවිය හරි මගට ගත් සිසුවා අගයයි
ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්න කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය නිවැරදි කර යථා තත්ත්වයට පත්කළ එම දුම්රියේ ගමන් කළ ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට ගෙන්වා ප්‍රශංසා ලිපියක් ලබා දී සේවය අගය කිරීමකට ලක්කර තිබේ.
යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සවස කාර්මික දෝෂයකට ලක්වී තිබුණද, දුම්රිය කාර්මික ශිල්පියාට එය නිවැරදි කිරීමට නොහැකි වී තිබිණි.
මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවා මෙම අවස්ථාවේදී ඉදිරිපත් වී එම දෝෂය නිවැරදි කර යථා තත්ත්වයට පත්කර තිබුණු අතර, මේ සම්බන්ධව මාධ්‍ය වාර්තා පළ විය.
මේ පිළිබඳ දැනුවත් වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැඳවා ප්‍රවාහන අමාත්‍යාංශයේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේත් ගෞරවය පුද කිරීමට අදාළ සිදුවීම පිළිබඳ ප්‍රශංසාව පුදකරමින් ඇගයීමේ ලිපියක් ලබාදුන් බවත්, මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම මහතා සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගි වූ බවත් ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
popular news
-
රත්නසේන Monday, 01 October 2018 10:34 PM
මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙ පැහැදිලි කිරිමකින් තොරව විවිධ අදහස් වාර්තා වුනා! කිසිවකු විසින් ගොතනලද පෙස් බුක් කථාවක් නිසා මේ තරුණයාව විරයෙක් වි ඇත. දුම්රියක කාර්මික දෝෂයක් නිවැරදි කිරිමට තරම් දැනුමක් මෙම තරුණයාට තිබිනි නම් එය පුදුම විය යුතුය - ජර්මන්ටෙක් ආයතනයේ දුම්රිය කාර්මික පුහුණුවක් දෙන්නේ නැත! - සැබැවින්ම සිදු වි ඇත්තේ වෙනත් සිද්ධියක් - එය දුම්රිය දෙපාර්තමෙන්තුවේ නිළධාරින් පැහැදිලි කළ යුතුයි. මෙයින් මාධ්‍ය සහ රජයේ බලධාරින් බරපතල වැරදි කිහිපයක් කර ඇත. මාධ්‍ය කර ඇති වැරද්දක් නම් පෙස් බුක් එකේ ගිය සුපුරුදු පොස්ට් එකක් වග-විභාගයකින් තොරව පලකිරිමයි. අනෙක් කරුණ නම් තරුණය නොකළ දෙයකට ප්‍රශංසා කිරිම නිසා තරුණයාට වැරදි පුර්වාදර්ශයක් දීමයි. එයින් පැහැදිලි වන්නේ රජයේ නිළධාරින් ගේ තිබෙන ඉතාම පහත් දැනුමයි.
Reply : 113 4
Champa Tuesday, 02 October 2018 03:13 PM
ඔබ වැනි මිනිසුන් ගැන පුදුමයි. fb එකේ කතාවක් ගොතල ගියේ නැහැ. fb එකෙන් කලේ මේ තරුණයාව අගය කිරීම. ඔබ දැක්කේ නැත්නම් බලන්න. ඔහුම කතාව කියලා තිබුන. ඔහුට ප්‍රසිද්ධ වෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඔහු හුඟක් අගය කරලා තිබුන තමන්ට වගේ ඉගෙන ගන්න කෙනෙකුට දුම්රියේ තිබ්බ ප්‍රශ්නේ ගැන බලන්න එතන හිටපු පළපුරුදු දුම්රිය කාර්මිකයන් ඉඩ දීපු එක ගැන. මොකොද ඔබ වගේ නිකමෙක් හරි අලි ඔලු කාරයෙක් හරි එතන හිටිය නම් ඒ අවස්තාව දෙන්නේ නැහැ. අනික කැලාබද පෙදසක් නිසාත් රෑ නිසාත් තව ටිකක් වෙලා හිටිය නම් පිහියක් දෙකක් පෙන්නගෙන දුම්රිය මගීන්ව කොල්ල කන්න හොරු පනින්නත් තිබුන එතනට. --- ඔබේ දැනුම ගැන ඇත්තටම කණගාටු වෙනවා. කාර්මික ඥානය තියෙන කෙනෙක්ට දුම්රියද බස් රියද වෙන මොකක්ද කියලා වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ නැහැ. වාහන වල පරිපථ වල තියෙන්නේ එකම තියරිය. ඒ කියන්නේ ඔබ එක එක පාට වයර් ටික අඳුනනවා නම් ඒවා යන්න ඕනේ කොතනටද කියලා දන්නවා නම්, ඒකේ ක්‍රියාකාරීත්වය ගැන දැනුමක් තියෙනව නම් දුම්රියේ කියල අලුතින් දුම්රියකම එන්ජින් එකක් හදල ඉගෙන ගන්න ඕනේ නැහැ. ඔබේ කතාව හරියට කඩාකප්පල් වැඩක් කරලා ඒක කවුරු හරි හැදුවහම කේන්ති ගියපු මිහිහෙක් වගේ.
Reply : 0 0
Citizen Wednesday, 03 October 2018 12:57 PM
මෙම ප්‍රවෘතිය සත්‍යද අසත්‍යද බව නම් මම නොදනී. මම මෙම අදහස යොමුකරනුයේ රත්නසේන මහතාටයි. මාගේ අසල්වැසි තරුණයෙක් ජර්මන් ටෙක් ආයතනයේ ඩීසල් එන්ජින් පාඨමාලාවක් හදාරමින් සිටී. ඔහු පවසන පරිදි ඔවුන්ට දුම් රිය එන්ජින් පිළිබඳව දැනුමක් හා පුහුණුව ලබා දේ. ඒ සඳහා ඔවුන්ව දුම් රිය දෙපාර්තුමේන්තුවේ යාර්ඩ් වලට අනුයුක්ත කොට පුහුණුව ලබා දෙන බව මා හට පවසන ලදී.
Reply : 0 0
Hector Wednesday, 03 October 2018 11:02 PM
රත්නසේනට ටිකක් ඉර්ශය හිතිලා වගේ. මේ වගේ තරුනෛන්ට German Tech එකෙන්ම ඉගෙනගන්න ඕනේ නෙහ. මේවගේ talent පිහිටපු යෝ ඕනෑතරම් ලෝකේ ඉන්නවා. ජනිත් දීමන්ත ඔබට දිගු ගමනකට මගේ පැතුම්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

