යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි
යාපනය චුණ්ඩික්කුලි ප්රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාළ කෝවිල සම්පූර්ණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පළා ගොස් ඇති බවට ප්රදේශවාසීහු පවසති.
චුණ්ඩික්කුලි මූලායි මාර්ගයේ පිහිටි ශ්රී වයිරවර් හින්දු කෝවිල හා දේව රූප මෙසේ විනාශ කොට ඇති අතර කෝවිලේ සියලුම බිත්ති බිමට සමතලා කොට දේව රූප කිහිපයක් විනාශ කොට තවත් දේව රූප කිහිපයක් රැගෙන ගොස් ඇත.
කෙසේ වෙතත් අදාළ කෝවිල අවට ප්රදේශවාසීහු පවසා සිටියේ කෝවිලේ ප්රධාන පූජකවරයා හා තවත් පිරිසක් අතර ඇති ආරවුල් දුර දිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවටත් විශාල පිරිසක් වන්දනාමාන සිදු කරන ලද කෝවිල කඩා විනාශ කරවුන්ට එරෙහිව නීතිමය පියවර වහාම ගත යුතු බවටත්ය.
අදාළ කෝවිල කඩන ලද පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර යාපනය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණයක් අරඹා ඇත.
මීට පෙරද යාපනය දිස්ත්රික්කයේ ස්ථාන කිහිපයක කිතුණු දේව සුරුවම්ද කිසියම් පිරිස් විසින් කඩා විනාශ කිරිම් කිහිපයක් වාර්තා වී ඇති බවටද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
-
bandara Friday, 26 July 2019 01:20 PM
මේවා ගැන කටයුතු නොකලොත් ආණ්ඩුව ඉවරයි. දෙමල චන්දත් නැති වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

