යාපනයේ පොලිස් ජිප් රථයක් පැහරගත් සැකකරුවන් අත්අඩංගුවට
යාපනය, කෝපායි චෙට්වේලී, ප්රදේශයේදී පැහැර ගැනීමකට ලක්වූ පොලිස් ජීප් රථයක් සමග සැකකරුවන් සිවු දෙනෙකු අද (12දා) අලුයම අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය සඳහන් කරයි.
කෝපායි පොලිස් වසමට අයත් චෙට්වේලි ප්රදේශයේදී ඊයේ (11දා) රාත්රියේ කිසියම් පිරිසක් අතර, මත්පැන් පානය කර ගැටුමක් සිදුව තිබූ බවත්, අදාළ නොසන්සුන්තාවය පිළිබඳ කෝපායි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව කෝපායි පොලීසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජීප් රථයෙන් අදාළ ස්ථානයට ගිය බවත් පොලීසිය පවසයි.
එහිදී පුද්ගලයෙකු විසින් මෙම පොලිස් ජීප් රථය පැහැරගෙන ගොස් ඇති අතර, පසුව සැකකරුවෙකු පොලිස් ජීප් රථය දමා පලාගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12දා) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව පරීක්ෂණ සිදු කරන කෝපායි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
වවුනියාව මධුෂංඛ අමරසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

