යාපනය ගුරුනගර් ඉටහිර ප්‍රදේශයේ පිහිටි ධීවර ජැටිය ආසන්නයට කුණු කසල ගෙනවිත් දැමීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්දයක් ඇතිවීමත් සමග සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.
අදාළ ස්ථානයට කුණු කසල නොදමන ලෙසට අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් යාපනය මහනගර සභාවද දැනුවත් කලත් මේ දක්වා කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවට ගුරුනගර් ධීවරයින් පවසා සිටිති.
කුණු කසල රැස්වීම හේතුවෙන් දුර්ගන්දයට අමතරව ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසකටද මුහුණ පා ඇති හෙයින් මහනගරසභාව විසින් අදාළ ස්ථානයේ කුණු කසල ඉවත් කිරීමට වහාම පියවර ගත යුතු බවට ගුරුනගර් ධීවර ජනතාව වැඩිදුරටත් පවසා සිටිති.
