යාපනයේ අවුරුදු 5ක දැරියක් ළිඳට වැටී මියයයි
යාපනය අච්චුවේලි ප්‍රදේශයේ අවුරුදු 05ක් වයසැති දැරියක් අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ඊයේ (03) දින මිය ගොස් ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි.
අදාළ දැරිය නිවසේ ගෙවත්තේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව දෙමවුපියන් විසින් දැරිය නොමැතිකමින් සොයා බලද්දි ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී සිටිනු දැක එම අවස්ථාවේදීම දැරිය ළිඳෙන් ගොඩට ගෙන රෝහල්ගත කොට ඇත.
මෙසේ ළිඳට වැටීමෙන් මියගොස් ඇත්තේ ජෙගදීස්වරන් අට්සයා නැමති පස් හැවිරිදි දැරියකි.
දැරිය රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරුන් පවසා ඇති අතර දෙමවුපියන්ගේ නොසැලකිලිමත්භාවය නිසාවෙන් බිළිඳාගේ ජීවිතය අහිමි වී ඇති බවට පරික්ෂණ සිදු කරන අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පවසයි.

-
Champa Tuesday, 04 February 2020 06:44 PM
දරුවෝ මැරෙන තරමක් මැරෙන්නේ දෙමව්පියන්ගේ නොසැලකිල්ලෙන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

